රස

rasa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දිය ; ජලය ; වතුර.
2. ඉස්ම ; ඕජස ; යුෂ ; සාරය.
3. දිවට දැනෙන රසය.
4. කලාත්මක නිර්මාණයක ඇති ගුණය.
5. රසදිය ; රහදිය ; මර්කරි.
6. මල් පැණි.
7. හයේ සංඛ්‍යාව ; සය ; ෂට්.
8. ආලය ; ආදරය , ස්නේහය.
9. ප්‍රීතිය ; සතුට ; සොම්නස ; ආස්වාදය.
10. තෙත්ගතිය ; තෙතමනය.
11. හඳ ; සඳ ; චන්ද්‍රයා.
12. ඇසිල්ල ; මොහොත.
13. ගෙන්දගම්.
14. රැස් ; රශ්මිය.
1. වි. මිහිරි ; මධුර ; රසවත්.
2. ශරීරයේ දෝෂ තත්ත්වයක් සම්බන්ධ.
3. රසායනික.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. යුෂය; රසදිය; රසය; සාරය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ස්නෙහෙ, ස්නෙහයෙහි, රසති, ස්නෙහ කරයි.
ති. දුව, ආවාර, වීර්‍ය්‍ය, ෂට් රසය, රස දිය, ශෘඞ්ගාරාදි නව නාට්‍ය රසය, රසධාතු, කෘත්‍යය, සම්‍යක් යනාදියෙහි, මූල රස ඛන්ධ රසාදියෙහි, අර්‍ථ රසාදියෙහි.
√ චු. අස්සාදෙ, රස විඳීමෙහි, රසෙති, රසයති, රස විඳී.
√ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි, රසති, ශබ්ද කරයි.
√ භු. අස්සාදෙ, ආස්වාදයෙහි, රසති, ආස්වාදනය කරයි, රස විඳියි.
√ චු. මුදුකරණෙ, මෘදු කිරීමෙහි, රසෙති, රසයති, මෘදු කරයි, මොලොක් කරයි. (පි. 440)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. humoral
2. n. juice
3. n. mercury
4. smack
5. n. taste

Digital Pāḷi Dictionary