සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 751
රප
√ භු. වාක්යෙ, කීමෙහි, රපති, කියයි. (පි. 439)
රඵ
√ භු. ගමනෙ, යාමෙහි, රඵති, යෙයි. (පි. 439)
රභි
√ භු. සද්දෙ, ශබ්දයෙහි, රම්භති, ශබ්ද කෙරෙයි. (පි. 439)
රමණ
න. සිත් ඇලීම. (පි. 439)
රමණක
ති. සිත් ඇලීම. (පි. 439)
රමණීය
ති. සිත්කලු, සිත් ඇලවිය යුතු. (පි. 439)
රමති
ක්රි. (√ භු. රමු., උපරමෙ, ඇලීමෙහි +ති) ඇලෙයි. (පි. 439)
රම්භා
ඉ. කදලි, කෙහෙල්, එනම් දෙවඟන. (පි. 439)
රම්ම
ති. රමණීය, සිත්කලු, ලක්ෂණ. (පි. 439)
රම්මක
පු. බක් මාසය. (පි. 439)
රමිත
ති. ඇලෙන ලද. (පි. 439)
රමු
√ භු. කීඩායං, ක්රීඩාවෙහි, රමති, ඇලෙයි, විරමති. (පි. 439)
රය
පු. වෙහෙස, විඩාව.
√ භු. ගමනෙ, යාමෙහි, රයති, යෙයි. (පි. 439)
රව
පු. නාදය, හඬ, ඝොෂාව. (පි. 439)
රවක
පු. හඬන්නා, නාද කරන්නා. (පි. 439)
රවති
ක්රි. (√ භු. රූ, සද්දෙ, ශබ්ද කිරීමෙහි +ති) නාද කරයි, හඬයි. (පි. 439)
රවන
න. නාද කිරීම, ශබ්ද කිරීම. (පි. 439)
රවි
පු. සූර්ය්යයා, හිරු, ඉරු. (පි. 439)
රවි බන්ධු
පු. රවිකුල බන්ධු, සූර්ය්ය බන්ධු, සර්වඥයන් වහන්සේ. (පි. 439)
රවිකුල
න. සූර්ය්ය වංශය. (පි. 439)
රවිත
ති. ශබ්දකළ, නාද කළ. (පි. 439)
රවිහංස
පු. පක්ෂි විශේෂයක්, ඇල්බෝ පක්ෂියා. (පි. 439)
රස
√ භු. ස්නෙහෙ, ස්නෙහයෙහි, රසති, ස්නෙහ කරයි.
ති. දුව, ආවාර, වීර්ය්ය, ෂට් රසය, රස දිය, ශෘඞ්ගාරාදි නව නාට්ය රසය, රසධාතු, කෘත්යය, සම්යක් යනාදියෙහි, මූල රස ඛන්ධ රසාදියෙහි, අර්ථ රසාදියෙහි.
√ චු. අස්සාදෙ, රස විඳීමෙහි, රසෙති, රසයති, රස විඳී.
√ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි, රසති, ශබ්ද කරයි.
√ භු. අස්සාදෙ, ආස්වාදයෙහි, රසති, ආස්වාදනය කරයි, රස විඳියි.
√ චු. මුදුකරණෙ, මෘදු කිරීමෙහි, රසෙති, රසයති, මෘදු කරයි, මොලොක් කරයි. (පි. 440)
රස තණ්හා
ඉ. රස තෘෂ්ණාව. (පි. 440)