සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 750
රථක
පු. කුඩා රථය, කුඩා රතයෙන් කෙළීම. (පි. 439)
රථකාර
පු. රියකරුවා, සොම්මරු. (පි. 439)
රථකාරක
පු. සොම්මරු, එනම් විල. (පි. 439)
රථකාරදහ
පු. එනම් විල. (පි. 439)
රථගුත්ති
ඉ. රථය වැසීමට සාදන අයොමය රථාවරණය. (පි. 439)
රථත්ථර
න. රථ පිට අතුරණ ඇතිරිය. (පි. 439)
රථපඤ්ජර
පු. රිය මැදුර, රථ කූඩුව. චක්රන්දති රිය ගෙය. (පි. 439)
රථයුග
න. රථයෙහි වූ වියගස. (පි. 439)
රථාචාරී
පු. රියදුරා, රිය පදවන්නා, රථාචාර්ය්යයා. (පි. 439)
රථානික
න. රථාව්යූහය, රථ සමුදාව. (පි. 439)
රථාරොහ
පු. රථයට නගින්නා, රථයෙහි සිට යුද්ධ කරන්නා. (පි. 439)
රථි
පු. රථාරොහයා.
ඉ. වීථිය, වීදිය. (පි. 439)
රථික
පු. රථාරොහයා. (පි. 439)
රථිකා
ඉ. වීදිය. (පි. 439)
රථියා
ඉ. වීදිය. (පි. 439)
රථූපත්ථර
න. රිය වැස්ම, රථයේ වැස්ම. (පි. 439)
රථෙසභ
පු. මහ රථය, උතුම් රතය. (පි. 439)
රද
√ භු. ලෙඛනෙ, ඉරි ඇඳීමෙහි, රදති, ඉරි අඳියි.
√ භු. ඛාදනෙ, කෑමෙහි, රදති, කයි.
පු. දන්ත, දත්. (පි. 439)
රදති
ක්රි. (√ භු. රද, ඛාදනෙ, කෑමෙහි +ති) අනුභව කරයි, කයි. (පි. 439)
රදන
න. දත්, දන්ත. (පි. 439)
රධ
√ දි. පීඩනෙ, පෙළීමෙහි, රුජ්ඣති, පෙළයි, විරුජ්ඣති. (පි. 439)
රන්ධ
න. විවෘත කිරීම, විවරය, ගැලීම.
√ චු. පාකෙ, පිසීමෙහි, රන්ධෙති, රන්ධයති, පිසයි. (පි. 439)
රන්ධක
පු. උයන්නා, පාචකයා. (පි. 439)
රන්ධති
ක්රි. (√ චු. රන්ධ, පාකෙ, පිසීමෙහි +ති) පිසියි. (පි. 439)