සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 749
රණඤ්ජය
න. යුද්ධයෙහි ජය සහිත වීම. (පි. 438)
රණති
ක්රි. (√ භු. රණ, සද්දෙ, ශබ්දයෙහි +ති) ශබ්ද කරයි. (පි. 438)
රත්ත
ති. රතු වස්තු, අනුරාග ඇත්තා, කොකුම්, රඳනා ලද්ද, රුධිරය. (පි. 438)
රත්තකම්බල
න. රතුකම්බිලිය, රතු පැහැති කම්බිලි වස්ත්රය. (පි. 438)
රත්තගාවී
ඉ. රතු දෙන, රතු එළදෙන. (පි. 438)
රත්තචන්දන
න. රත් සඳුන්. (පි. 438)
රත්තචුණ්ණ
න. සින්දූරම්. (පි. 438)
රත්තඤ්ඤු
පු. චිර රාත්රි දන්නා අය, බොහෝ කල් දන්නා අය. (පි. 438)
රත්තද ලා
ඉ. හුණිද, ඔලිඳ. (පි. 438)
රත්තන්ධකාරතිමිස
න. රාත්රියෙහි බහලාන්ධකාරය. (පි. 438)
රත්තපදුම
න. රත් පියුම. (පි. 438)
රත්තපා
පු. පූඩාවා, ලේ බොන්නා. (පි. 438)
රත්තඵලා
ඉ. කෙම්වැල, කෝවක්කා. (පි. 438)
රත්තඵලික
පු. රතු පලිඟු. (පි. 438)
රත්තමණි
පු. රතු මැණික, පියුම්රා මිණ. (පි. 438)
රත්තවාලුකා
ඉ. සින්දූරම්. (පි. 438)
රත්තාතිසාර
පු. ලේ අතීසාරය, ලෝහිතපක්ඛන්දිකාව. (පි. 438)
රත්ති
ඉ. රාත්රිය, රෑ. (පි. 438)
රත්තිකා
ඉ. හුණිද, ඔලිඳ. (පි. 438)
රත්තිච්ඡෙද
පු. රාත්රිච්ඡෙදය, දවස් ගණන සිඳී යාම. (පි. 438)
රත්තිචාරී
පු. රෑ හැසිරෙන්නා, බකමූණා, සොරා, නිසාචරයා. (පි. 438)
රත්තිභොජන
න. රෑට කන ආහාරය, රෑ බොජුන. (පි. 439)
රත්තුපරත
පු. රාත්රි භොජනයෙන් වෙන්වන ලද. (පි. 439)
රථ
පු. රථය, රිය, ගැල, කරත්තය (පි. 439)