සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 748
රජනීය
ති. රැඳිය යුතු, ඇලියයුතු, සායම් කටයුතු. (පි. 438)
රජස්සලා
ඉ. ඔසප් වූ ස්ත්රිය, මල්වූ තැනැත්තී. (පි. 438)
රජ්ජ
න. රාජ්යය, රට. (පි. 437)
රජ්ජති
ක්රි. (√ දි. රන්ජ, රාගෙ, ඇලීමෙහි +ති) ඇලෙයි, ආසා කෙරෙයි. (පි. 437)
රජ්ජන
න. ඇලීම, ආසා කිරීම. (පි. 437)
රජ්ජසිරි
ඉ. රාජ්යශ්රීය, රාජ ඓශ්චෛර්ය්යය, රජසිරි. (පි. 437)
රජ්ජු
ඉ. රෑන, යොත, රැහැණ, ලනුව. (පි. 437)
රජ්ජුගාහක
පු. රැහැණ ගන්නා අය, අශ්වාචාර්ය්යයා. (පි. 437)
රජි
√ භු. විජඣනෙ, විදීමෙහි, රඤ්ජති, විඳියි, හාරයි. (පි. 438)
රජොජල්ල
න. රජස් හා දැලි. (පි. 438)
රඤ්ජ
√ භු. රාගෙ, රැඳීමෙහි, රඤ්ජති, ඇලෙයි, රැඳෙයි.
√ දි. රාගෙ, ඇලීමෙහි, රජ්ජති, ඇලෙයි. (පි. 438)
රඤ්ජති
ක්රි. (√ භු. රඤ්ජ, රාගෙ, රැඳීමෙහි +ති) රැඳෙයි, ඇලෙයි. (පි. 438)
රඤ්ජන
න. ඇලීම, රැඳීම, රත්සඳුන්. (පි. 438)
රඤ්ජිත
ති. ඇලෙන ලද, රඳන ලද. (පි. 438)
රට
√ භු. පරිභාසනෙ, පරිභාසනයෙහි. (පි. 438)
රට්ඨ
න. රට, රාජ්යය. (පි. 438)
රට්ඨක
පු. රැටියා, රටහිමියා, රටේ ප්රධාන අය. (පි. 438)
රට්ඨපිණ්ඩ
පු. රටවැසියාගේ පිණ්ඩාහාරය, රැටියාගේ ආහාරය. (පි. 438)
රට්ඨාධිප
පු. රටේ අධිපතියා, භූ පාලයා. (පි. 438)
රට්ඨික
පු. රැටියා, රටවැසියා. (පි. 438)
රඨ
√ භු. භාසනෙ, කීමෙහි, රඨති; බණියි, කියයි. (පි. 438)
රඩි
√ භු. පීඩායං, පෙළීමෙහි. (පි. 438)
රණ
√ භු. සද්දෙ, ශබ්දයෙහි, රණති, ශබ්ද කෙරෙයි.
√ භු. ගමනෙ, ගමනයෙහි, රණති, යෙයි.
න. පාපය, යුද්ධය, විනාසය, ශබ්දය. (පි. 438)
රණංජහ
න. පව්වලින් දුරුවීම, නපුරු කටයුතුවලින් බේරීම. (පි. 438)