ලී
lī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දව ; ගස්වල කඳන් අතු, කෝටු ආදිය.
2. දුර මනින මිම්මක්.
3. නූල් මැනීමේ දී භාවිත මිම්මක් ‘; නූල් වට 90ක ප්රමාණය ; අඩි 360ක් හෙවත් යාර 120ක ප්රමාණය ; නූල් කැරැල්ලක ප්රමාණය.
4. ලිය ; කාන්තාව; ගැහැණිය.
5. ගායන වාදන නර්තනවල සම වූ කාල ප්රමාණය.
6. කෝපය ; තරහ.
7. උගුල ; හබකය.
8. ලජ්ජාව ; විලිය ; හිරිය.
9. ලියනවා යන්නෙහි අතීත කෘදන්ත පදය.
වි. ද්රවයෙන් සාදන ලද හෝ දැවය හා සම්බන්ධ ; කාෂ්ඨමය ; දැවමුවා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ දි. ද්රවෙ, ඇලීමෙහි, ද්රව කිරීමෙහි, ලයති, ලීයති, දියවෙයි. (පි. 450)