සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1404
ලිස්සන සන්ධි
නා.ප්‍ර. දිග හැරීමට හා නැවීමට හැකි අස්ථි සන්ධිය ; කුඩා තරමක් වටකුරු මැණික් කටුව, වළලුකර වැනි අස්ථි හා සම්බන්ධ වූ සන්ධිය.
ලිස්සනවා
1. ක්‍රි. යමක් හෝ යමකු කිසියම් ලිස්සන ද්‍රව්‍යයක් නිසා කිසියම් තලයක ස්ථාවර ව නො රැඳී නිරුත්සාහක ව ඇදී යනවා ; රූටා යනවා.
2. (යමකට) හසු නොවී හීන් සීරුවේ ගැලවී යනවා ; බේරී යනවා ; මඟ අරිනවා.
ලිස්සුම් දොර
නා. පැත්තකට තල්ලු කිරීමෙන් එහා මෙහා කළ හැකි දොර.
ලිස්සුම් පිහිල්ල
නා. පහසුවෙන් ජලය ගලා යාමට ඇති මාර්ගය ; ලිස්සන පිහිල්ල.
ලිහනවා
1. ක්‍රි. ගැට බැමි ආදිය බුරුල් කරනවා ; නිර්ග්රන්ථි කරනවා ; ගලවනවා.
2. බැම්මෙන්, බන්ධනයෙන් මුදා හරිනවා ; නිදහස් කරනවා.
3. ඇඳුම්, ඇඟලුම් ආදිය ගලවනවා.
4. ප්‍රශ්න නිරාකරණය කරනවා ; ගැටලු බේරුම් කරනවා ; විසඳනවා.
ලිහිණි කසල්ල
නා. ලිහිණි කූඩුව ; කුරුලු කූඩුව ; ලිහිණි කැදැල්ල.
ලිහිණි තුවක්කුව
නා. පක්ෂීන්ට වෙඩි තැබිය හැකි විශේෂ තුවක්කුව.
ලිහිණි වැද්දා
නා. පක්ෂීන් මරා විකුණා ජීවිකාව ගෙනයන තැනැත්තා ; කුරුලු වැද්දා.
ලිහිණියා
1. නා. කුරුල්ලා ; විහගයා ; සකුණයා.
2. ලිහිණි නම් වූ විශේෂ වර්ගයට අයත් පක්ෂියා.
ලිහිඬිල්ල
නා. උකුණාගේ බිත්තරය ; ලේඬිත්තා.
ලිහිබඳිනවා
ක්‍රි. පසුපස එළවනවා ; ලුහු බඳිනවා ; හඹා යනවා.
ලිහිල
නා. යමක් කිරිමට ලැබෙන රුකුල ; බුරුල ; පහසුව ; ශිථිල භාවය.
ලිහිල්
1. වි. බුරුල් වූ ; සැහැල්ලු ; ශිථිල ; ඉහිල්.
2. තේරුම් ගැනීමට පහසු ; සරල.
ලිහිස්සී
වි. ලිස්සන සුලු ; ලිස්සෙන ; රූටන ස්නේහකයක් වූ.
ලිහිස්සී ද්‍රව්‍ය
නා.ප්‍ර. ලිස්සන දෙය ; යන්ත්‍රවලට ස්නේහක වශයෙන් යොදන තෙල් ග්‍රීස් ආදි ද්‍රව්‍යය.
ලී
1. නා.ප්‍ර. දව ; ගස්වල කඳන් අතු, කෝටු ආදිය.
2. දුර මනින මිම්මක්.
3. නූල් මැනීමේ දී භාවිත මිම්මක් ‘; නූල් වට 90ක ප්‍රමාණය ; අඩි 360ක් හෙවත් යාර 120ක ප්‍රමාණය ; නූල් කැරැල්ලක ප්‍රමාණය.
4. ලිය ; කාන්තාව; ගැහැණිය.
5. ගායන වාදන නර්තනවල සම වූ කාල ප්‍රමාණය.
6. කෝපය ; තරහ.
7. උගුල ; හබකය.
8. ලජ්ජාව ; විලිය ; හිරිය.
9. ලියනවා යන්නෙහි අතීත කෘදන්ත පදය.
වි. ද්‍රවයෙන් සාදන ලද හෝ දැවය හා සම්බන්ධ ; කාෂ්ඨමය ; දැවමුවා.
ලී අකුරු
නා.ප්‍ර. අකුරු හැඩයට ලීයෙන් කපන ලද රූප ; දැවයෙන් තනන ලද අච්චු අකුරු.
ලී ඇණය
1. නා. කුඩුම්බිය රහිත ව ලීයෙන් තැනූ ඇණය ; ලී එකිනෙක පූට්ටු කිරිම සඳහා සවි කරන ඇණ විශේෂයක්.
2. බිත්තියේ තොප්පි ආදි එල්ලීම සඳහා සවි කරන ලී උපකරණය ; නාගදන්තය.
ලී ඉස්කුරුප්පුව
නා. ලීවලට අල්ලන යකඩෙන් හෝ පිත්තලෙන් සාදන ලද ඉස්කුරුප්පු ඇණය.
ලී කප්පිය
නා. බර දැයක් ඉහළට ගැනීම සඳහා කම්බි පොටක්, දම්වැලක් හෝ කඹයක් දිවවීමට පහසු සේ මැද පීලි හැඩයට හාරන ලද ලී රෝදය ; ලීයෙන් සෑදු බොලොක්කය ; පුලිය.
ලී කල්කය
1. නා. කඩදාසි සෑදීම සඳහා කුඩු ආදිය අඹරා සාදා ගන්නා තලපය.
2. දැව දියෙහි පල් කොට රසායනික විපරිණාමයකට භාජනය කිරීමෙන් පසු සාදාගනු ලබන පල්පය.
ලී කෙළිය
නා. සකස් කොට ගත් ලී කැබැලි එකට ගටමින් බෙර තාලයට නටන සිංහල ජන ක්‍රීඩාවක්.
ලී පටිතැටිය
නා. උයන් බෝග පැළ සිටුවීම සඳහා ලී පටිවලින් සාදා ගන්නා පෙට්ටියක ස්වරූපය ගත් තැටි විශේෂයක්.
ලී පවුර
නා. ලීයෙන් තනන ලද පවුර ; දැව කොටස් ලෑලි ආදියෙන් තනනු ලැබූ ප්‍රාකාරය.