සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1403
ලියවදුල
නා. වැල්වලින් ගහණ පෙදෙස ; වැල්ගොල්ල.
ලියවැට
නා. වැලක් සේ තනන ලද ප්‍රදීප.
ලියවිමන්
නා.ප්‍ර. විමනක් සේ (ඇතුළත ඉඩ ඇති ව) සකස් වූ වැල් ගහනය ; ලියගෙය ; ලතා ගෘහය ; ලතා ගුල්මය.
ලියවෙස් උපුල්
නා.ප්‍ර. කාන්තාවකගේ උඩුකයෙහි ස්වරූපයෙන් යුක්ත උත්පල මල් ; ලියතඹර.
ලියසැවුව
1. නා. වැලින් සෑදූ දුන්න ; ලතා චාපය.
2. වැල් දුන්නක් අත්හි ඇත්තා වන අනංගයා.
ලියහස
නා.ප්‍ර. ගෙදිගුවිල්වල වෙසෙන හංසයා ; ගෘහ හංසයා.
ලියාකෑම
(පාරිභා.) නා. දතින් සූරාගෙන කෑම ; දතින් හැපීම ; ලෑටි ගෑම.
ලියාජු රූප
(පාරිභා.) නා.ප්‍ර. සරල ආවර්තී චලිත දෙකක් හෝ වැඩි ගණනක හෝ බලපෑමට යටත් වූ ලක්ෂ්යයක සම්ප්‍රයුක්ත විස්ථාපනයේ පථය.
ලියාපදිංචිය
නා. උපත් විවාහ මරණාදිය නිත්‍යානුකූලව ලේඛනගත කිරීම ; ඔප්පු ආදි ලේඛනවල විස්තර අදාළ පොත්වල සටහන් කොට තැබීම ; ලිපි ලේඛනාදිය, සමාගම්, වෙළඳ ලකුණු ආදිය ලේඛනගත කිරීම.
ලියාබාන්නා
(කථා.) නා. (කමත්) ගොයම් කපන ආයුධය ; දෑකැත්ත.
ලියිල
නා. අඩුව ; හිඟය ; ඌනතාව.
ලියුකේමියාව
නා. ලෙයෙහි සුදු රුධිරාණු අසාමාන්‍ය අනුපාතයකින් වර්ධනය වීමෙන් හටගැනෙන රෝගය ; ශ්වේත රක්තය ; ලේ පිළිකා රෝගය.
ලියුකෝටොමි
නා.ප්‍ර. ශල්‍යකර්ම විශේෂයක් ; චිත්තවේගි කරදරවලින් පීඩා විඳින්නවුන්ගේ ස්නායු කපා වෙන් කිරීමෙන් සැනසීම ලබාදීමේ ශල්‍ය කර්මය.
ලියුම්
වි. ලිපි සම්බන්ධ ; ලේඛනවලට අදාළ ; හසුන් පිළිබඳ.
නා.ප්‍ර. ලිපි ලේඛන; හසුන්.
ලියුසයින්
නා.ප්‍ර. ශරීරයේ වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන් උපදවන ඇමයිනෝ කාණ්ඩයට අයත් කාබනික අම්ල විශේෂයක්.
ලියූදඩ
නා.ප්‍ර. යම්කිසි වරදක් වෙනුවෙන් මෙතෙකැයි ලේඛන ගත කළ දඩ මුදල.
ලිලි
1. නා.ප්‍ර. නෙළුම් කැකුළ ; නෙළුම් පොහොට්ටුව.
2. ගොඩ මානෙල් වැනි මල් විශේෂයක්.
3. කැස්බෑවා.
ලිවරමේන්තුව
(කථා. පාත.) නා. සොහොන් බිම ; සුසාන භූමිය.
ලිවිසැරිය
නා. (යම්කිසි රටකට හෝ අවධියකට අයත්) ලිවීම් සම්භාරය ; පතපොත ; ලියන ලද ලිපි ලේඛන සමූහය ; සාහිත්‍යය.
ලිශ්මේනියා ට්‍රොපිකා
නා.ප්‍ර. ලිශ්මේනියා රෝගයෙහි ප්‍රභේදයක් වූ පෙරදික් වණය හෙවත් චර්මීය ලිශ්මේනියාව (දිල්ලි ගඩුව) ඇති කරන ජීවියා.
ලිශ්මේනියාව
නා. පිළාවේ සහ අක්මාවේ අන්තච්ඡද සෛල හා ස්වල්ප වශයෙන් පර්යන්ත රුධිරයේ ද බෝවෙන පරපෝෂිත ජීවීන්ගෙන් ඇතිවන රෝගයක්.
ලිස්පෙන්ඩන්ස්
නා.ප්‍ර. විනිශ්චයට භාජන වී ඇති ඉඩම් නඩුව.
ලිස්වනවා
1. ක්‍රි. මුවනවා ; දුරු කරනවා.
2. මග අරිනවා ; ලිස්සනවා.
ලිස්සන ගස
නා. සිනිඳු කොට මිනිරන්, පොල්තෙල්, ග්‍රීස් ආදිය ආලේපයෙන් ලිස්සන සේ සකස් කළ පොළොවෙහි සිට වූ පුවක් හෝ වෙනත් ගසක කඳ ; ග්‍රීස් ගහ.