බුද්ධදත්ත පාලි අකාරාදිය – 10

අජ්ඣුපෙක්ඛති

(අධි+උප+ඉක්ඛ+අ) මධ්‍යස්ථ වේ.

අජ්ඣුපෙක්ඛන

න. මධ්‍යස්ථවීම.

අජ්ඣුපෙති

(අධි+උප+ඉ+අ) එළ‍ඹේ; පැමිණේ.

අජ්ඣූපගත

3. පැමිණි.

අජ්ඣූපගමන

න. එළඹීම; පැමිණීම.

අජ්ඣෙසති

(අධි+ඉස+අ) ආරාධනාකෙරේ; ඉල්ලා සිටී.

අජ්ඣෙසනා

ඉ. ආරාධනාව.

අජ්ඣෙසිත

3. ආරධනා ලැබූ.

අජ්ඣොකාස

පු. ආවරණයක් නැති තැන; එළිමහන.

අජ්ඣොගාහති

(අධි+අව+ගාහ+අ) බැසගනී.

අජ්ඣොගාළ්හ

3. බැසගත්.
3. ගිළුණු.

අජ්ඣොත්ථට

3. මැඩගත්; වසාපැතිර සිටි.

අජ්ඣොත්ථරති

(අධි+අව+ථර+අ) මඩියි; වසාගෙන පැතිරේ.

අජ්ඣොසාන

න. ගිලගැන්ම; බලවත් ඇල්ම.

අජ්ඣොසිත

3. ගිලගත්; දමනලද.

අජ්ඣොහට

3. ගිලිනලද.

අජ්ඣොහරණ

න. ගිලීම.

අජ්ඣොහරණිය

න. ආහාරය; ගිලිය යුතු දෙය.

අජ්ඣොහරති

(අධි+අව+හර+අ) ගිලියි.

අජ්ඣොහාර

පු. ගිලීම.

අජ්ඣොහිත

3. බැහූ; පු. දැමූ.

අජා

ඉ. එළුදෙන.

අජානන

න. නො දැනීම.

අජානන්ත

3. නො දනිමින්.
3. නො දන්නා වූ.