බුද්ධදත්ත පාලි අකාරාදිය – 110

ආභාති

(ආ+භා+අ) බබළයි.

ආභාස

පු. ආලෝකය.

ආභිදොසික

3. පෙරදින හවසට අයත්.

ආභිධම්මික

3. අභිධර්මය ඉගෙන ගන්නා; අභිධර්මය දරන්නා.

ආභිසමාචාරික

3. උසස් හැසිරීමට අයත්.

ආභිසෙකික

3. අභිෂේකයට අයත්.

ආභුජන

න. දරණ ගැසීම; නැවීම; හැකිලීම.

ආභුජිත්වා

පූ.ක්‍රි. දරණ ගසා‍ගෙන; හැකිළී.

ආභොග

පු. සිතා බැලීම.

ආම

නි. එසේය; ඔව්.
3. අමු; නො පැසුණු.

ආමක

3. නො පිසූ; නො මේරූ.

ආමකසුසාන

න. අමු සොහොන; මළ මිනී නො වළලා දමන තැන.

ආමගන්ධ

පු. පිළීගඳ; මස් මාලු.

ආමජාත

පු. දාසයා; දාසියගෙන් උපන්.

ආමට්ඨ

3. මඩින ලද; ස්පර්ශ කළ.

ආමත්තික

න. මැටි භාජනය.

ආමද්දන

න. මැඩීම.

ආමන්තන

න. අඬ ගැසීම; තමා‍ වෙතට යොමු කිරීම.

ආමන්තයමාන

3. ආමන්ත්‍රණය කරන; ආමන්ත්‍රණය කරමින්.

ආමන්තිත

3. ආමන්ත්‍රණය ලැබූ.

ආමන්තිය

පූ.ක්‍රි. අමතා; කථාකොට; කැඳවා.

ආමන්තෙත්වා

පූ.ක්‍රි. අමතා; කථාකොට; කැඳවා.

ආමන්තෙති

(ආ+මන්ත+ණෙ) අමතයි; කථා කරයි.

ආමය

පු. රෝගය.