බුද්ධදත්ත පාලි අකාරාදිය – 111

ආමලක

න. නෙල්ලි.

ආමලකී

ඉ. නෙල්ලි.

ආමසති

(ආ+මස+අ) අතගායි; ස්පර්ශ කෙරේ.

ආමසන

න. අතපත ගෑම; ස්පර්ශ කිරීම.

ආමසන්ත

3. අතගාන; අතගාමින්.

ආමසිත

3. අතපත ගෑ; දැඩි‍කොට ගත්; ස්පර්ශ කළ.

ආමසිත්වා

පූ.ක්‍රි. අත ගා.

ආමා

ඉ. දාසිය.

ආමාජාත

පු. දාසයා; දාසියගෙන් උපන්.

ආමිස

න. ජීවත් වන්න ඕනෑ කරන දෙය; මස්.

ආමිසදාන

න. ජීවිකාවට උවමනා දේ දීම.

ආමුඤ්චන

(ආ+මුව+ංඅ) පැලඳ ගනී.

ආමුත්ත

3. ඇඳගත්; පැලඳ ගත්.

ආමෙණ්ඩිත

න. එක් වචනය දෙතුන් වරක් කීම.

ආමො

නි. එසේය; ඔව්.

ආමොද

පු. දුර විහිදෙන සුවඳ; සතුට.

ආමොදති

(ආ+මුද+අ) සතුටු වේ.

ආමොදනා

ඉ. සතුටු වීම.

ආමොදමාන

3. ප්‍රීතිමත් වන; ප්‍රීතිමත් වෙමින්.

ආමොදිත

3. ප්‍රමුදිත වූ; සතුටු වූ.

ආමොදිත්වා

පූ.ක්‍රි. සතුටු වී.

ආමොදිය

පූ.ක්‍රි. සතුටු වී.

ආය

පු. ආදායම; ඇතුළට ඒම; ඉපදීම.

ආයකම්මික

පු. ආදායම එකතු කරන්නා.