බුද්ධදත්ත පාලි අකාරාදිය – 109
ආපුච්ඡිතබ්බ
3. අසා බැලිය යුතු; විචාරිය යුතු.
ආපුච්ඡිත්වා
පූ.ක්රි. විචාරා.
ආපුච්ඡිය
පූ.ක්රි. විචාරා.
ආපූරණ
න. වැඩීම; පිරීම.
ආපූරති
(ආ+පූර+අ) පිරේ; වැඩේ.
ආපූරෙති
(ආ+පූර+ණෙ) පුරවයි.
ආපූරෙන්ත
3. පුරවන; පුරවමින්.
ආපෙති
(අප+ණෙ) පමුණුවයි.
ආපොධාතු
ඉ. බැඳීම කරන ධාතු.
ආඵුසති
(ආ+ඵුස+අ) ස්පර්ෂ කෙරේ.
ආබද්ධ
3. බඳින ලද; බැඳුණු.
ආබන්ධක
3. එකට සම්බන්ධ කරන; බඳින.
ආබන්ධති
(ආ+බන්ධ+අ) බඳියි; සම්බන්ධ කරයි.
ආබන්ධන
න. බැඳීම; සම්බන්ධය.
ආබන්ධිත්වා
පූ.ක්රි. සම්බන්ධ කොට.
පූ.ක්රි. බැඳ.
ආබාධ
පු. රෝගය.
ආබාධික
3. රෝග පීඩිත වූ; රෝගියා.
ආබාධිත
3. පෙළන ලද.
ආබාධෙති
(ආ+බාධ+ණෙ) පෙළයි; බාධා ඇති කරයි.
ආබාධෙන්ත
3. පෙළන; පෙළමින්.
ආභත
3. ගෙනෙන ලද.
ආභරණ
න. ආභරණය; පළඳනාව.
ආභස්සර
3. ඉතා බබළන; පු. එනම් ඇති බඹ ලොව.
ආභා
ඉ. ආලෝකය; එළිය.