බුද්ධදත්ත පාලි අකාරාදිය – 116

ආරුහිත්වා

පූ.ක්‍රි. උඩ නැග; නැගී.

ආරුහිතුං

නි. නගින්ට.

ආරුළ්හ

3. නැංගාවූ.

ආරූළ්හ

3. නැගි.

ආරොග්‍ය

න. නිරෝගී බව.

ආරොග්‍යමද

පු. නිරෝගී බව නිසා උපදනා මානය.

ආරොග්‍යසාලා

ඉ. ගිලන් හල.

ආරොග්‍යාසාලා

ඉ. ඉස්පිරිතාලය.

ආරොචන

න. දැනුම් දීම.

ආරොචාපන

න. දැනුම් දෙවීම.

ආරොචාපෙත්වා

පූ.ක්‍රි. දැනුම් දෙවා.

ආරොචාපෙති

(ආ+රුච+ණාපෙ) දැනුම් දෙවයි.

ආරොචිත

3. කියන ලද; දැනුම් දුන්.

ආරොචිය

පූ.ක්‍රි. දැනුම් දී.

ආරොචෙත්වා

පූ.ක්‍රි. දැනුම් දී.

ආරොචෙති

(ආ+රුච+ණේ) කියයි; දැනුම් දෙයි.

ආරොදන

න. හැඬීම.

ආරොපන

න. උඩ තැබීම; නැංවීම.

ආරොපිත

3. උඩ තැබූ; නැංවූ.

ආරොපිය

පූ.ක්‍රි. නංවා.

ආරොපෙතබ්බ

3. නැංවිය යුතු.

ආරොපෙත්වා

පූ.ක්‍රි. නංවා.

ආරොපෙති

(ආ+රුප+ණෙ) නංවයි; නගයි (දොස් ආදිය); පටවයි (කරත්ත ආදියෙහි); යොදයි (ඊය දුන්නෙහි).

ආරොහ

පු. ආරෝහකයා; උස; නැගීම; වැඩීම.