බුද්ධදත්ත පාලි අකාරාදිය – 117

ආරොහක

3. නගින; පු. නැග යන්නා (අසුන් පිට).

ආරොහන

න. ඉහළ යාම; නැගීම.

ආලග්ගිත

3. එල්වන ලද.

ආලග්ගෙති

(ආ+ලගි+අ) එල්ලා තබයි (කුඩ ආදිය).

ආලපති

(ආ+ලප+අ) කථා කරයි.

ආලපන

න. ඇමතීම; මුලින් කථා කිරීම.

ආලපන්ත

3. කථා කරන; කථා කරමින්.

ආලපනා

ඉ. නැවත නැවත කථා කිරීම.

ආලපිත්වා

පූ.ක්‍රි. කථා කොට.

ආලපිතුං

නි. කථා කරන්ට.

ආලපිය

පූ.ක්‍රි. කථා කොට.

ආලම්බ

පු. අරමුණ; එල්ලීමට උපකාර වන දෙය; පිහිට.

ආලම්බති

(ආ+ලබි+ංඅ) අරමුණු කරයි; අල්ලා ගනී; එල්ලේ.

ආලම්බන

න. අරමුණ; එල්ලීම; පිහිට.

ආලම්බන්ත

3. අරමුණු කරමින්; එල්ලෙන.

ආලම්බමාන

3. අරමුණු කරමින්; එල්ලෙන.

ආලම්බර

පු. ගැට බෙරය.

ආලම්බිත්වා

පූ.ක්‍රි. අරමුණු කොට; එල්ලී.

ආලය

පු. ආකාරය; ආශාව; ගෙය; වාසස්ථානය.

ආලවාලක

පු. පහත් බිම; පාත්තිය.

ආලස්ස

න. අලස බව.

ආලස්‍ය

න. අලස බව.

ආලසිය

න. අලස බව.

ආලාන

න. ගවාදීන් බැඳ තබන කණුව.