බුද්ධදත්ත පාලි අකාරාදිය – 118

ආලාප

පු. කථාව; වචනය.

ආලි

පු. නියර; වැව් බැමි ආදිය.

ආලිඛති

(ආ+ලිඛ+අ) පිටපත් කරයි; සිතියම් අඳියි.

ආලිඞ්ග

පු. මිහිඟු බෙරය.

ආලිඞ්ගති

(ආ+ලිඞ්ග+අ) වැලඳ ගනී.

ආලිඞ්ගන

න. වැලඳගැන්ම.

ආලිඞ්ගිත්වා

පූ.ක්‍රි. වැලඳගෙන.

ආලිඞ්ගිය

පූ.ක්‍රි. වැලඳගෙන.

ආලිත්ත

3. අලේප කළ; ගාන ලද; ගිනි දැල් වූ.

ආලින්ද

පු. ඉස්තෝ‍ප්පුව; පිට බරාඳය.

ආලිම්පන

න. ආලේප කිරීම; ගෑම; ගිනි තැබීම.

ආලිම්පිත

3. ගාන ලද; ගිනි තැබූ.

ආලිම්පෙත්වා

පූ.ක්‍රි. ආලේප කොට; ගිනි දල්වා.

ආලිම්පෙති

(ආ+ලිප+ංඅ+ණේ) ආලේප කරයි; ගිනි දල්වයි; තෙල් ආදිය ගායි.

ආලු

න. අල.

ආලුම්පකාර

පු. කඩා වෙන් කිරීම; ගුළි ගැසීම.

ආලුම්පති

(ආ+ලුප+ංඅ) කඩා කයි.

ආලුලිත

3. කලඹන ලද.

ආලුළෙති

(ආ+ලුළ+ණේ) කලඹයි.

ආලුළෙන්ත

3. කලඹන; කලඹමින්.

ආලෙප

පු. ගාන දෙය; ගෑ යුතු බෙහෙත; ‍බදාමය.

ආලෙපන

න. ගෑ යුතු දෙය; ගෑම.

ආලොක

පු. එළිය; බැලීම.

ආලොකද

3. එළිය දෙන.