බුද්ධදත්ත පාලි අකාරාදිය – 122

ආවිසිත්වා

පූ.ක්‍රි. ආවේශ වී.

ආවුණාති

(ආ+වු+ණා වැලක අමුණයි; (ආ+වු+ණා) අවුණයි.

ආවුණිත්වා

පූ.ක්‍රි. අමුණා.

ආවුත

3. අමුණන ලද; වැසූ.

ආවුත්ථ

3. වාසය කළ; විසූ.

ආවුධ

න. ආයුධය; ශස්ත්‍රය.

ආවුසො

නි. ඇවත; මිත්‍රය.

ආවෙඨන

න. වෙළීම.

ආවෙඨිත

3. කෙනෙකුට විශේෂයෙන් අයත් වූ; වෙළන ලද.

ආවෙල්ලිත

3. කැරකී ගිය.

ආවෙලා

ඉ. මාලාදාමය; මුදුන් මල් කඩ.

ආවෙලි

3. මල්දම් පැළඳ ගත්.

ආවෙසන

න. ආවේශ වීම; ඇතුල් වීම.

ආස

3. ආශා ඇති.

ආසඞ්කති

(ආ+සකි+ංඅ) සැක කෙරේ.

ආසඞ්කමාන

3. සැක කරන; සැක කරමින්.

ආසඞ්කා

ඉ. සැකය.

ආසඞ්කිත

3. සැක කළ; සැක සහිත.

ආසඞ්කිත්වා

පූ.ක්‍රි. සැක කොට.

ආසඞ්කිය

පූ.ක්‍රි. සැක කොට.

ආසඞ්කී

3. සැක කරන්නා.

ආසජ්ජ

(ආ+සද+ය) ඉතා ළංව; ගැටී; පහර දී; හැපී.

ආසජ්ජන

න. අපහාස කිරීම; ගැටීම; හැපීම.

ආසත්ත

3. ඇලුණු; එල් වූ; ශාප ලැබූ; සිතෙන් බැඳුණු.