බුද්ධදත්ත පාලි අකාරාදිය – 121

ආවහන්ත

3. එළවන; ගෙනදෙන.

ආවාට

පු. වළ.

ආවාප

පු. පෝරණුව; මහ ගිනි උඳුන.

ආවාස

පු. ගෙය; වාසස්ථානය; විසීම.

ආවාසික

3. නිත්‍ය වාසී වූ (විහාරයක).

ආවාහ

පු. භාර්‍යාවක් ගෙන ඒම.

ආවි

නි. ඉදිරියෙහි; ප්‍රකටලෙස.

ආවිකරණ

න. ප්‍රකට කිරීම.

ආවිකරිත්වා

පූ.ක්‍රි. ප්‍රකාශ කොට.

ආවිකරිය

පූ.ක්‍රි. ප්‍රකාශ කොට.

ආවිකරොති

(ආවි+කර+ඔ) ප්‍රකට කරයි; පහළ කරයි.

ආවිකරොන්ත

3. ප්‍රකට කරමින්.

ආවිජ්ඣති

(ආ+විධි+ංඅ) අදී; කරකවයි; කලඹයි.
(ආ+විධ+ය) වට කරයි; වටේ කැරකෙයි; වටේට කරකවයි (පොලු ආදියක්).

ආවිජ්ඣන

න. ඇදීම; කරකැවීම; වටේ යාම.

ආවිජ්ඣනඨාන

න. දොරේ ඇතුල් පොල්ල ඉවත් කිරීම පිණිස දැමූ ලණුව අදින තැන.

ආවිජ්ඣනරජ්ජු

ඉ. කිරිමත් ගානා දණ්ඩෙහි ඔතා දෙපසින් අල්ලා කරකවන ලණුව; දොර වැසීම හෝ ඇරීම පිණිස අගුළ ‍ඇදීමට යෙදූ ලණුව.

ආවිජ්ඣිතබ්බ

3. කර කැවිය යුතු.

ආවිජ්ඣිත්වා

පූ.ක්‍රි. ලණුව ඇද.
පූ.ක්‍රි. කරකවා.

ආවිජ්ඣිය

පූ.ක්‍රි. කරකවා; ලණුව ඇද.

ආවිට්ඨ

3. ආවේශ වූ.

ආවිද්ධ

3. කරකවන ලද; විදින ලද; විසි කළ.

ආවිල

3. අපිරිසිදු; කැලඹුණු; මඩ සහිත වූ.

ආවිලත්ත

න. අපිරිසිදු බව; කැලඹුණු බව.

ආවිසති

(ආ+විස+අ) ආවේශ වේ; ඇතුළට වදී.