බුද්ධදත්ත පාලි අකාරාදිය – 125

ආසෙවිත්වා

පූ.ක්‍රි. පුරුදු කොට; භාවිතා කොට.

ආහ

කීයේය; කීයේලු.

ආහච්ච

පූ.ක්‍රි. (ආ+හන+ත්‍ය) ගැටී; හැපී.

ආහච්චපාදක

3. විට්ටම හාරා වැද්දූ පා ඇති (ඇඳන් ආදිය).

ආහට

3. ගෙනෙන ලද.

ආහත

3. ඛේදයට පත්; තට්ටුකරන ලද (බෙර ආදිය); පහර දුන්; හපන ලද.

ආහනති

(ආ+හන+අ) පහර දෙයි; හප්පයි.

ආහනන

න. පහර දීම; හැප්පීම.

ආහනිත්වා

පූ.ක්‍රි. පහර දී; හප්පා.

ආහරට්ඨිතික

3. ආහාරය නිසා ජීවත්වන.

ආහරණ

න. ගෙන ඒම.

ආහරති

(ආ+හර+අ) උපදවයි; ගෙන එයි.

ආහවන

න. පිදීම; යාග කිරීම.

ආහාර

පු. ආහාරය; පැවැත්මට උපකාර වන දෙය; භෝජනය.

ආහාරෙත්වා

පූ.ක්‍රි. අනුභව කොට.

ආහාරෙති

(ආ+හර+ණෙ) අනුභව කරයි.

ආහිණ්ඩති

(ආ+හිඬි+ංඅ) ඇවිදී.

ආහිණ්ඩන

න. ඇවිදීම.

ආහිණ්ඩන්ත

3. ඇවිදින; ඇවිදිමින්.

ආහිණ්ඩමාන

3. ඇවිදින; ඇවිදිමින්.

ආහිණ්ඩිත්වා

පූ.ක්‍රි. ඇවිද.

ආහිණ්ඩිතුං

නි. ඇවිදින්නට.

ආහිණ්ඩිය

පූ.ක්‍රි. ඇවිද.

ආහු

කීහ ‍(ආහ යන්නේ බහු).