බුද්ධදත්ත පාලි අකාරාදිය – 139
උත්තමත්ථ
පු. උසස් ඵලය; රහත් බව.
උත්තයිත්වා
පූ.ක්රි. තැති ගෙන.
උත්තර
3. උඩින් තිබෙන; උතුරෙහි වූ; වඩා උසස්; ශ්රේෂ්ඨ වූ.
න. උත්තරය.
උත්තරච්ඡද
පු. වියන.
උත්තරණ
න. එතර වීම; ගොඩට ඒම.
උත්තරත්ථරණ
න. උඩ ඇතිරිල්ල.
උත්තරති
(උ+තර+අ) එතෙර වේ; ගොඩට වේ.
උත්තරන්ත
3. එතර වෙන; ගොඩට එමින්.
උත්තරස්වෙ
නි. අනිද්දා; හෙටින් පසු දා.
උත්තරා
ඉ. උතුරු දිසාව.
උත්තරාසඞ්ග
පු. උතුරු සළුව; තනිපට සිව්ර.
උත්තරි
නි. තවත්; මත්තෙහි.
උත්තරිං
නි. තවත්; මත්තෙහි.
උත්තරිකරණීය
න. මතතෙහි කළ යුතු දෙය.
උත්තරිතර
3. වඩා උසස්.
උත්තරිත්වා
පූ.ක්රි. ගොඩට අවුත්.
උත්තරිතුං
නි. ගොඩ නැගෙන්ට.
උත්තරිභඞ්ග
පු. මත්පැන් බීමේදී කෑමට ගන්නා බැදපු මස් ආදිය; සම්බල් වැනි කෑම.
උත්තරිමනුස්සධම්ම
පු. ධ්යාන මාර්ග ඵලාදී උසස් ධර්මය.
උත්තරිසාටක
පු. උඩ කොටසේ පොරවන වස්ත්රය.
උත්තරීය
න. උතුරු සළුව.
උත්තසති
(උ+තස+අ) තැති ගනී.
උත්තසන
න. තැති ගැන්ම.
උත්තාන
3. උඩුකුරු; නො ගැඹුරු; ප්රකට.