බුද්ධදත්ත පාලි අකාරාදිය – 138

උට්ඨානක

න. ‍උපදවන; හට ගන්නා.

උට්ඨානවන්තු

3. කුසීත නොවූ; වීර්‍යවත්.

උට්ඨාපිත

3. නංවන ලද; නැගිටුවන ලද.

උට්ඨාපිය

පූ.ක්‍රි. උපදවා; නැගිටුවා.

උට්ඨාපෙත්වා

පූ.ක්‍රි. උපදවා; නැගිටුවා.

උට්ඨාපෙති

(උ+ඨා+ණාපෙ) උපදවයි; නංවයි; නැගිටුවයි; හට ගන්වයි.

උට්ඨාය

පූ.ක්‍රි. ඉඳහිටලා; නැගිට.

උට්ඨිත

3. නැගී සිටි; හටගත්.
3. නැගිට.

උඩ්ඩහති

(උ+දහ+අ) දවයි; (උ+දහ+ය) දැවේ.

උඩ්ඩිත

3. අටවන ලද; එල්වන ලද; පියෑඹූ.

උඩ්ඩෙති

(උ+ඩී+ණෙ) අහසට නගී; පියාඹයි.

උඩ්ඩෙතුං

නි. පියාඹන්ට.

උණ්ණ

න. බැටළු ලොම් ආදිය; සිහින් රෝමය.

උණ්ණනාභි

පු. මකුළුවා.

උණ්ණා

ඉ. බැටළු ලොම් ආදිය; සිහින් රෝමය.

උණ්හ

3. උණුසුම්.
න. උෂ්ණය.
පු. උෂ්ණ කාලය.

උණ්හත්ත

න. උණුසුම.

උණ්හීස

න. තලප්පාව; නළල්පට.

උත්ත

3. කියන ලද.
න. කී දෙය.

උත්තණ්ඩුල

3. නො තැම්බූ සහල් ඇති.

උත්තත්ත

3. රත් වී දිලිසෙන; රත් වූ.

උත්තම

3. උතුම්; උසස්.

උත්තමඞ්ග

න. හිස.

උත්තමඞ්ගරුහ

පු. හිස කෙස්.