බුද්ධදත්ත පාලි අකාරාදිය – 140

උත්තානසෙය්‍යක

පු. උඩුකුරුව හෝනා.

උත්තානීකම්ම

න. පැහැදිලි කිරීම.

උත්තානීකරොති

(උත්තාන+ඊ+කර+ඔ) ප්‍රකට කෙරේ; විස්තර කෙරේ.

උත්තාපෙති

(උ+තප+ණෙ) තැවීම කරයි; රත් කරයි.

උත්තාරිත

3. එතර කර වූ; දියෙන් ගොඩට ගත්.

උත්තාරෙත්වා

පූ.ක්‍රි. ගොඩට නංවා.

උත්තාරෙති

(උ+තර+ණෙ) එතර කරවයි; දියෙන් ගොඩට නංවයි.

උත්තාස

පු. තැති ගැන්ම.

උත්තාසන

න. ඇමිණීම; උල තැබීම; උලක ඇන තැබීම; තැති ගැන්වීම.

උත්තාසෙත්වා

පූ.ක්‍රි. උල තබා.

උත්තාසෙති

(උ+තස+ණෙ) උල තබයි; තැති ගන්වයි.

උත්තිට්ඨති

(උ+ඨා+අ) උත්සාහ වත් වේ; නැගිට සිටියි.

උත්තිණ

3. තණකොළ නැති.

උත්තිණ්ණ

3. එතෙර වූ; දියෙන් ගොඩ නැගුණු.

උත්‍රස්ත

3. තැතිගත්.

උත්‍රාස

පු. තැති ගැන්ම.

උත්‍රාසී

3. තැති ගන්නා.

උතු

ඉ. න. ඍතුව; කාල ගුණය; මල්වර (ස්ත්‍රීන්ගේ).

උතුනී

ඉ. ගැබ් ගැනීමට යෝග්‍ය වූවා; මල්වර ඇත්තී.

උතුපරිස්සය

පු. ඍතු ගුණයෙන් වන හිරිහැරය.

උතුසප්පාය

පු. ඒ ඒ ඍතුවට ගැළපෙන දේ; තමාට ගැලපෙන ඍතුව.

උතුසමය

පු. මල්වර ගන්නා කාලය.

උද

න. ජලය; දිය; නි. නො හොත්; හෝ.

උදක

න. ජලය; දිය.