බුද්ධදත්ත පාලි අකාරාදිය – 155

උපලක්ඛිත

3. යුක්ත වූ; ලකුණු කළ.

උපලක්ඛිය

පූ.ක්‍රි. වෙන්කොට සලකා.

උපලක්ඛෙත්වා

පූ.ක්‍රි. වෙන්කොට සලකා.

උපලක්ඛෙති

(උප+ලක්ඛ+ණෙ) වෙන් කොට සළකයි.

උපලද්ධ

3. අවබෝධ කළ; ලැබූ.

උපලද්ධි

ඉ. අවබෝධය; ලැබීම.

උපලබ්භති

(උප+ලභ+ය) ලැබේ; විද්‍යමාන වේ.

උපලබ්භන

න. ලැබීම; විද්‍යමාන වීම.

උපලාපන

න. චාටු බස් කීම; පෙළඹවීම.

උපවසති

(උප+වස+අ) රකී; වෙසේ.

උපවසන්ත

3. පිළිපදින; පිළිපදිමින්.

උපවාද

පු. දොස් කීම.

උපවාදක

3. දොස් කියන.

උපවාදී

3. දොස් කියන්නා.

උපවායති

(උප+වා+අ) හමා යයි.

උපවායන

න. හැමීම.

උපවාස

පු. ගුණයක් රැකීම සඳහා ආහාර නො ගැනීම.

උපවාසන

න. සුවඳ කැවීම.

උපවිජඤ්ඤා

ඉ. ප්‍රසූතියට ළං වූ ස්ත්‍රිය.

උපවිට්ඨ

3. හිඳගත්; ළඟට පැමිණි.

උපවිසති

(උප+විස+අ) වාඩි වේ; ළං වේ.

උපවිසිත්වා

පූ.ක්‍රි. වාඩි වී.

උපවීණ

පු. විණා දණ්ඩ.

උපවුත්ථ

3. රක්ෂා කළ; විසූ.