බුද්ධදත්ත පාලි අකාරාදිය – 156

උපසංකමති

(උප+සං+කමු+අ) එළඹේ; සමීපයට එයි.

උපසංකමන

න. එළඹීම; ළඟට ඒම.

උපසංකමන්ත

3. එළඹෙන; එළඹෙමින්.

උපසංකම්ම

පූ.ක්‍රි. එළඹ; ළඟට අවුත්.

උපසංකමිත්වා

පූ.ක්‍රි. එළඹ; ළඟට අවුත්.

උපසංකමිතුං

නි. එළඹෙන්ට.

උපසංහරණ

න. එක්තැන් කිරීම; සමාන‍ කොට බැලීම.

උපසංහරති

(උප+සං+හර+අ) එක්තැන් කරයි; ළඟට පමුණුවයි.

උපසංහරිත්වා

පූ.ක්‍රි. එක් තැන් කොට.

උපසංහාර

පු. එක්තැන් කිරීම; ළඟට පැමිණවීම.

උපසග්ග

පදයක මුලට යෙදෙන උපසර්ගය.
පු. විපත.

උපසන්ත

3. ශාන්ත; සන්හුන්.

උපසම

පු. සන්සිඳීම; සන්හුන් බව.

උපසමන

න. සන්සිඳීම.

උපසම්පජ්ජ

පූ.ක්‍රි. උපසම්පදාව ලබා; පැමිණ; සමවැදී (ධ්‍යානාදියකට).

උපසම්පජ්ජති

(උප+සං+පද+ය) ඇතුල් වේ; උපසම්පදාව ලබයි; සමවැදේ (ධ්‍යානාදියකට).

උපසම්පදා

ඉ. පැමිණීම; භික්ෂු ශීලය; ලබා ගැනීම.

උපසම්පන්න

3. උපසම්පදාව ලත්; යුක්ත වූ.

උපසම්පාදෙත්වා

පූ.ක්‍රි. උපසම්පන්න කරවා.

උපසම්පාදෙති

(උප+සං+පද+ණෙ) උපසපන් බවට ඇතුලත් කරයි.

උපසම්පාදෙතුං

නි. උපසම්පන්න කරන්ට.

උපසම්මති

(උප+සමු+ය) සංසි‍ඳේ.

උපසමෙත්වා

පූ.ක්‍රි. සන්සිඳවා.

උපසමෙති

(උප+සමු+ණෙ) සන්සිඳවයි.