බුද්ධදත්ත පාලි අකාරාදිය – 159

උප්පබ්බාජෙත්වා

පූ.ක්‍රි. සිවුරු හරවා.

උප්පබ්බාජෙති

(උ+ප+ව+ජ+ණෙ) සිවුරු හරවයි.

උප්පල

න. අති විශාල ගණනක්; උප්පල නම් නරකය; උපුල්; මානෙල්.

උප්පලිනී

ඉ. මානෙල් පොකුණ; මානෙල් විල.

උප්පාටන

න. ගලවා දැමීම; විනාශ කිරීම.

උප්පාටනක

3. ගලවා දමන.

උප්පාටිත

3. ගලාවා දැමූ.

උප්පාටෙත්වා

පූ.ක්‍රි. ගලවා දමා.

උප්පාටෙති

(උ+පට+ණෙ) උදුරයි; ගලවා දමයි.

උප්පාත

පු. අස්වාභාවික සිද්ධිය; උඩ පැනීම; උල්කාපාතය.

උප්පාද

පු. ඉපදීම; හට ගැන්ම.

උප්පාදක

3. උපදවන; හට ගන්වන.

උප්පාදන

න. ඉපදවීම; හට ගැන්වීම.

උප්පාදෙත්වා

පූ.ක්‍රි. උපදවා.

උප්පාදෙති

(උ+පද+ණෙ) උපදවයි; හට ගන්වයි.

උප්පාදෙතු

පු. උපදවන්නා.

උප්පාදෙතුං

නි. උපදවන්ට.

උප්පාදෙන්ත

3. උපදවන; උපදවමින්.

උප්පීළන

න. පෙළීම; මැඩීම; මිරිකීම.

උප්පීළිත

3. පෙළන ලද; මඩින ලද; මිරිකන ලද.

උප්පීළෙත්වා

පූ.ක්‍රි. මිරිකා.

උප්පීළෙති

(උ+පීළ+‍‍ණෙ) පෙළයි; මිරිකයි.

උප්පොඨන

න. ගසා දැමීම; තැළීම.

උප්පොඨෙත්වා

පූ.ක්‍රි. ගසා දමා.