බුද්ධදත්ත පාලි අකාරාදිය – 160

උප්පොඨෙති

(උ+පොඨ+ණෙ) ගසා දමයි; තළයි; පහර දෙයි.

උප්ලවති

(උ+ප්ලව+අ) උඩ පාවේ; දියෙන් මතු වේ.

උප්ලවන

න. පාවීම; මතු වීම.

උපාගච්ඡති

(උප+ආ+ගමු+අ) සමීපයට එයි.

උපාගත

3. එළඹුණු; ළඟට ආ.

උපාදාන

න. කිසිවක පැවැත්මට උපකාර වන දෙය; තෘෂ්ණා දෘෂ්ඨි ආදිය; දර; දැඩිසේ ගැන්ම.

උපාදානක්ඛන්ධ

පු. මාගේ යැයි ඇලීම ඇතිකර ගත් ස්කන්ධය.

උපාදානක්ඛය

පු. තෘෂ්ණා දෘෂ්ඨි ආදී උපාදානයන් නැති කිරීම.

උපාදානීය

3. තෘෂ්ණා දෘෂ්ඨි ආදීන්ට ගොදුරු වන.

උපාදාය

පූ.ක්‍රි. උපමා කොට; දැඩිසේ ගෙන; සමාන කොට.

උපාදි

පු. ස්කන්ධයන් පැවැත්මේ හේතුව.

උපාදින්න

3. තමාගේ යැයි සිතාගත්; තෘෂ්ණාදීන් විසින් ගන්නා ලද.

උපාදින්නක

3. තමාගේ යැයි සිතාගත්; තෘෂ්ණාදීන් විසින් ගන්නා ලද.

උපාදිසෙස

3. ස්කන්ධයන් පැවැත්මේ හේතුව ඉතිරිව ඇති.

උපාධි

පු. පරීක්ෂණයකින් සමර්ථ වීමකින් හෝ අන් ආකාරයකින් ලබල පටබැඳි නාමය.

උපාය

පු. අභිවෘද්ධි කාරණය; ආකාරය; පිළිවෙළ; මාර්ගය.

උපායකුසල

3. අභිවෘද්ධි කාරණයෙහි දක්ෂ වූ.

උපායකොසල්ල

න. උපායෙහි දක්ෂ බව.

උපායන

න. තෑග්ග; තුටු පඬුර.

උපායාස

පු. බලවත් සිත් තැවුල.

උපායිත

3. උපස්ථාන ලැබූ; සේවිත වූ.

උපාරම්භ

පු. දෝෂාරෝපණය.

උපාවිසි.අ

හිඳ ගත්තේය.

උපාසක

පු. අදහන්නා; එළඹෙන්නා; ගිහි ශ්‍රාවකයා.