බුද්ධදත්ත පාලි අකාරාදිය – 161

උපාසකත්ත

න. උපාසක බව.

උපාසති

(උප+ආස+අ) සමීපයට පැමිණේ; සේවනය‍ කෙරේ.

උපාසන

න. උපස්ථානය; දුනු ශිල්පය; පුරුදු කිරීම; සේවනය කිරීම.

උපාසිකා

ඉ. උපාසිකාව.

උපාහන

න. වහන්; සෙරෙප්පු.

උපෙක්ඛක

3. මධ්‍යස්ථ ස්වභාව ඇති; මැදහත්.

උපෙක්ඛති

(උප+ඉක්ඛ+අ) මධ්‍යස්ථව සිටී.

උපෙක්ඛනා

ඉ. මධ්‍යස්ථ බව.

උපෙක්ඛා

ඉ. උපේක්ෂාව; මැදහත් බව; සැප දුක් නොවූ වේදනාව.

උපෙක්ඛිත්වා

පූ.ක්‍රි. මධ්‍යස්ථ වී.

උපෙක්ඛිය

පූ.ක්‍රි. මධ්‍යස්ථ වී.

උපෙඛා

ඉ. උපේක්ෂාව; මැදහත් බව; සැප දුක් නොවූ වේදනාව.

උපෙච්ච

පූ.ක්‍රි. එළඹ; පැමිණ.

උපෙත

3. යුක්ත වූ.

උපෙත්වා

පූ.ක්‍රි. එළඹ; පැමිණ.

උපෙති

(උප+ඉ+අ) එළඹේ; පැමිණේ; ලබා ගනී.

උපෙතුං

නි. එළඹෙන්ට.

උපෙන්ත

3. එළඹෙන; එළඹෙමින්.

උපොසථ

පු. අටසිල්; පෝය දින; භික්ෂූන්ගේ පාමොක් උදෙසීම.

උපොසථකම්ම

න. පොහොය දින අටසිල් රැකීම.

උපොසථාගාර

න. පොහොය ගෙය.

උපොසථික

3. අටසිල් ගත්; පෙහෙවස් රකින.

උබ්බට්ටන

න. ඇඟ ඉළීම; කුණු ඇතිල්ලීම; සුවඳ සුණු ආදිය ඉළීම.

උබ්බට්ටිත

3. ඇඟ ඉලූ.