බුද්ධදත්ත පාලි අකාරාදිය – 174

ඔකිරිතුං

නි. විසුරුවන්නට; හලන්නට.

ඔකිරිය

පූ.ක්‍රි. දමා; විසුරුවා; හලා.

ඔගච්ඡති

(අව+ගමු+අ) පහළ බසී.

ඔගධ

3. ඇතුළත්; බැස ගත්.

ඔගය්හ

පූ.ක්‍රි. බැස ගෙන.

ඔගාහ

පු. දියේ ගිලීම; බැස ගැන්ම.

ඔගාහති

(අව+ගාහ+අ) කිමිදියි; බැස ගනී.

ඔගාහන

න. දියේ ගිලීම; බැස ගැන්ම.

ඔගාහන්ත

3. දියේ ගිලෙමින්; බැස ගනිමින්.

ඔගාහමාන

3. දියේ ගිලෙමින්; බැස ගනිමින්.

ඔගාහිත්වා

පූ.ක්‍රි. බැස ගෙන.

ඔගාහිතුං

නි. බැස ගන්ට.

ඔගාහිය

පූ.ක්‍රි. බැස ගෙන.

ඔගිලති

(අව+ගිල+අ) ගිල ගනී.

ඔගුණ්ඨීත

3. ඔතන ලද; වසා ගත්.

ඔගුණ්ඨෙත්වා

පූ.ක්‍රි. ඔතා ගෙන; වසා ගෙන.

ඔගුණ්ඨෙති

(අව+ගුණ්ඨ+ණෙ) ඔතා වසයි; වසයි.

ඔඝ

පු. කාමාදි ක්ලේශ‍යෝ; සැඩ පහර.

ඔඝතිණ්ණ

3. සැඩ පහරින් හෝ කාමාදියෙන් එතෙර වූ.

ඔචරක

3. ඔත්තු කාරයා; රහස් සොයන්නා.

ඔචිණ්ණ

3. රැස් කළ; විමසූ.

ඔචිත

3. රැස් කළ.

ඔචිනන

න. අහුලා රැස් කිරීම.

ඔචිනන්ත

3. රැස් කරන; රැස් කරමින්.