බුද්ධදත්ත පාලි අකාරාදිය – 175
ඔචිනමාන
3. රැස් කරන; රැස් කරමින්.
ඔචිනාති
(අව+චි+නා) එකතු කරයි; රැස් කරයි.
ඔචිනිත්වා
පූ.ක්රි. අහුලා රැස් කොට; එකතු කොට.
ඔචිනිතුං නි
අහුලන්ට; එක්තැන් කරන්නට.
ඔජ
පු. න. ඉස්ම; පෝෂ්ය ගුණය; යුෂය; රසය.
ඔජවන්තු
3. ඕජස් ඇති; පෝෂණය දෙන; රසවත්.
ඔජා
ඉ. ඉස්ම; පෝෂ්ය ගුණය; යුෂය; රසය.
ඔට්ඨ
පු. ඔටුවා; තොල.
ඔඩ්ඪිත
3. අටවන ලද; බැඳ එල්වන ලද.
ඔඩ්ඪෙති
(උඩ්ඪ+ණෙ) උගුල් ආදිය අටවයි; උඩ එල්ලයි.
ඔතරණ
න. බැසීම.
ඔතරති
(අව+තර+අ) බිමට බසී.
(අව+තර+අ) බසී.
ඔතරන්ත
3. බසින; බසිමින්.
ඔතරමාන
3. බසින; බසිමින්.
ඔතරිත්වා
පූ.ක්රි. බැස.
ඔතරිතුං
නි. බසින්නට.
ඔත්තප්ප
න. පවට බය.
ඔත්තප්පති
(අප+තප+ය) පවට බිය වේ.
ඔත්තප්පී
3. පවට බිය වන්නා.
ඔත්තාපී
3. පවට බිය වන්නා.
ඔත්ථට
3. මඩනා ලද; 3. යට වී ගිය.
ඔත්ථරණ
න. මැඩගෙන යාම; වසා ගැන්ම.
ඔත්ථරති
(අව+ථර+අ) මැඩගෙන පැතිරේ; වසාගෙන සිටී.
ඔත්ථරන්ත
3. වසා පැතිරෙන; වසා පැතිරෙමින්.