බුද්ධදත්ත පාලි අකාරාදිය – 206

කාතබ්බ

න. කළ යුත්ත.
3. කළ යුතු.

කාතර

3. බැගෑපත්.

කාතවෙ

නි. කරන්ට.

කාතුං

න. කරන්ට.

කාතුකාම

3. කරනු කැමති.

කාතුකාමතා

ඉ. කරනු කැමති බව.

කාදම්භ

පු. විලි කුකුළා.

කානන

න. කැලය; වනය.

කාපුරිස

පු. ලාමක මිනිසා.

කාපොතක

3. අළු පාට; කොබෙය්යන්ගේ පැහැති.

කාපොතිකා

ඉ. රතු පැහැති මත්පැන් වර්ගයක්.

කාම

පු. ආශාව; කැමැත්ත; රාගය; රූප ශබ්දාදි සතුටට හේතු වන දෙය.

කාමගිද්ධ

කාමයෙහි ඇලුණු.

කාමගුණ

පු. ඉන්ද්‍රියන්ගෙන් සතුටින් ගනු ලබන අරමුණු ආදිය.

කාමගෙධ

පු. කාමයෙහි බලවත් ආශාව.

කාමච්ඡන්ද

පු. කාමාශාව.

කාමතණ්හා

ඉ. කාමාශාව; ලෞකික ආශාව.

කාමතා

ඉ. කැමති බව; කැමැත්ත.

කාමද

3. කැමති දේ දෙන.

කාමද්ද

3. කැමති දේ දෙන.

කාමපඞ්ක

පු. කාම නැමැති මඩ.

කාමපරිළාහ

පු. කාමය නිසා ඇතිවන දාහය.

කාමභව

පු. කම්සැප ඇති ලෝකය.

කාමභොගී

3. කම්සැප අනුභව කරන්නා.