බුද්ධදත්ත පාලි අකාරාදිය – 205

ක්ව

නි. කොතැන; කොහි; කොහේ.

ක්වචි

නි. කිසි තැනෙක්හි.

ක්‍රියා

ඉ. ආඛ්‍යාත ක්‍රියා; ක්‍රියාව; කිරීම; වැඩය.

කා

ඉ. කවර ස්ත්‍රියක්.

කාක

පු. කවුඩා; කාක්කා.

කාකච්ඡති

(කාක+ඡ) කසී; නිදීමේදී ගොරවයි.

කාකච්ඡමාන

3. ගුරු ගුරු ගාමින්; ගොරවමින්.

කාකණිකා

ඉ. ඉතා කුඩා මිලයක්; තුට්ටුව.

කාකපාද

පු. කවුඩු පාදය; කුරුස ලකුණ.

කාකපෙය්‍ය

3. කවුඩකු විසින් බිය හැකි තරමට පිරුණු.

කාකවණ්ණ

3. කවුඩකු මෙන් කළු පැහැති.

කාකස්සර

3. කවුඩකු වැනි හඬ ඇති; බැ‍රෑඬි වූ.

කාකසූර

3. කවුඩකු මෙන් දක්ෂ වූ.

කාකාතාලීය

3. බලාපොරොත්තු නැතිව පැමිණි.

කාකී

ඉ. කවුඩු දෙන.

කාකොල

පු. වන කවුඩා.

කාච

පු. ඇසේ පෙනීම නැති කරන පටලය; වීදුරුව.

කාචතුම්භ

පු. වීදුරු බෝතලය.

කාචමණි

පු. පළිඟුව; වීදුරුව.

කාචමය

3. වීදුරු වලින් සෑදූ.

කාජ

පු. කද.

කාජහාරක

පු. කද ගෙන යන්නා.

කාට

පු. පුරෂ නිමිත්ත.

කාණ

3. එක ඇසක් නැති; කණ වූ; පු. එකැස් ඇත්තා.