බුද්ධදත්ත පාලි අකාරාදිය – 204

කසන්ත

3. සාන; සී සාමින්.

කසම්බු

පු. කසළ; කුණු.

කසම්බුජාත

3. අපවිත්‍ර වූ; පිළිකුල් කටයුතු.

කස්මිර

පු. කාශ්මීර පෙදෙස.

කස්මිරජ

න. කොකුම් මල්.

කස්සක පු

ගොවියා; වැවිලි කරන්නා.

කස්සති

(කස්ස+අ) අදී.

කස්සාම

(කර+ස්සාම) කරන්නෙමු.

කසා

ඉ. කසය.

කසාය

පු. න. කෂාය (බෙහෙත් දමා තැම්බූ); කහට.

කසාව

3. කසා පැහැය ඇති; පු. න. කසා පැහැය; කහට රස.

කසි

ඉ. සී සෑම.

කසිකම්ම

න. ගොවිතැන.

කසිණ

3. සියළු.
න. භාවනාවට ගන්නා අරමුණ.

කසිණමණ්ඩල

න. භාවනාවට උපකාර වන සේ මැටි ආදියෙන් තැනූ වටකුරු දෙය.

කසිත

3. සී සාන ලද; හාන ලද.

කසිතට්ඨාන

න. සී සෑ තැන.

කසිත්වා

පූ.ක්‍රි. සී සා; හාලා.

කසිතුං

නි. සීසාන්ට.

කසිභණ්ඩ

න. ගොවිතැනට ඕනෑ උපකරණ.

කසිර

3. අපහසු වූ; කරදර සහිත.
න. අපහසුව; කරදරය; දුක.

කහං

නි. කොතැන; කොහි.

කහාපණ

පු. කහවනුව; සිලිං දෙකහමාරක් පමණ වටිනා මිලයක්.

කහාපණක

න. ඇඟමස් කහවණු තරමට කැපීමෙන් දෙන වධයක්.