බුද්ධදත්ත පාලි අකාරාදිය – 297
තප්පති
(තප+ය) තැවේ; පසු තැවේ; රත් වේ.
තප්පර
3. එහිම යෙදුණු.
තප්පිත
3. තෘප්තියට පැමිණ වූ.
තප්පිය
පූ.ක්රි. තර්පණය කොට; තෘප්තියට පමුණුවා.
3. තෘප්තියට පැමිණවිය හැකි.
තප්පෙත්වා
පූ.ක්රි. තෘප්තියට පමුණුවා.
තප්පෙති
(තප+ණෙ) තෘප්තියට පමුණුවයි; සන්තර්පණය කරයි.
තප්පෙතු
පු. තෘප්තියට පමුණුවන්නා.
තපොකම්ම
න. තපස් රැකීම; සිල් රැකීම.
තපොධන
පු. තාපසයා.
තපොවන
න. තාපසාරාමය.
තබ්බහුල
3. එය අධික කොට ඇති.
තබ්බිපක්ඛ
3. ඊට විරුද්ධ වූ.
තබ්බිපරිත
3. එයට වෙනස් වූ.
තබ්බිසය
3. එය ගොදුරු කොට ඇති.
තබ්භාව
පු. ඒ බව; ස්වකීය ප්රකෘත්තිය.
තම
පු. න. අන්ධකාරය; අවිද්යාව.
තමපරායණ
3. අඳුරෙහි ගැලී සිටින.
තම්බ
3. තඹ; තඹ පැහැති; පු. තම්පලා.
තම්බකෙස
3. තඹවන් හිසකෙස් ඇති.
තම්බචූළ
පු. කුකුළා.
තම්බනඛ
3. තඹවන් නියපොතු ඇති.
තම්බනෙත්ත
3. දුඹුරු ඇස් ඇති.
තම්බභාජන
න. තඹ භාජනය.
තම්බූල
න. බුලත් කොළ.