තම

tama

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අඳුර; අන්ධකාරය; තිමිර; තමස; කළුවර.
2. නා.ප්‍ර. මෝහය; මුළාව; අවිද්‍යාව.
3. නා.ප්‍ර. සාංඛ්‍ය දර්ශනයට අනු ව සියලු ම ජීවීන්ගේ ප්‍රභවයට හේතු වන ගුණත්‍රයෙන් එකක්; තමස් ගුණය.
4. නා.ප්‍ර. රාහු ග්‍රහයා.
5. නා.ප්‍ර. ශබ්දය.
6. නා.ප්‍ර. කැමැත්ත.
7. නා.ප්‍ර. තඹ ලෝහය.
සර්ව. අන්‍යයකූ නොවන තැනැත්තා, ආත්මවාචී පුද්ගලයා.
ප්‍රත්‍ය. (ව්‍යාක.) දෙකකට වැඩි සංඛ්‍යාවක් අතුරින් එකක වැඩි හෝ උසස්බව ඉස්මතු කර දක්වන අතිශයාර්ථවාචී තද්ධිත ප්‍රත්‍යය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. න. අන්ධකාරය; අවිද්‍යාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. න. අඥාන, අන්ධකාර, තාමස ගුණය, රාහු.
√ චු. භූසනෙ, සැරසීමෙහි ගිලන් බැව්හි, තමෙති තමයති, අලඞ්කාරවෙයි.
√ භු. සාන්තවාදියෙ, සැනසීමෙහි, පසු බැසීමෙහි, තමති, සැනසෙයි, පසුබසී. (පි. 304)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. darkness
2. a. own

Digital Pāḷi Dictionary