සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 484
තපොවන
න. තපස ධනකොට ඇත්තා, තාපසයා, පැවිද්දා. (පි. 304)
තඵ
√ භු. තිත්තියං, තෘප්තියෙහි, තඵති, තෘප්තියට පැමිණෙයි. (පි. 304)
තඵති
ක්රි. (තඵ, √ භු. තිත්තියං තෘප්තියෙහි x ති) තෘප්තියට යයි. (පි. 304)
තබ්භාව
පු. තද්භාවය, ඒ වීම, (පි. 304)
තම
පු. න. අඥාන, අන්ධකාර, තාමස ගුණය, රාහු.
√ චු. භූසනෙ, සැරසීමෙහි ගිලන් බැව්හි, තමෙති තමයති, අලඞ්කාරවෙයි.
√ භු. සාන්තවාදියෙ, සැනසීමෙහි, පසු බැසීමෙහි, තමති, සැනසෙයි, පසුබසී. (පි. 304)
තමස්සිනී
ඉ. රාත්රිය. (පි. 304)
තම්බ
න. තඹ, රක්තවර්ණය, තාම්බුවර්ණය.
න. ලෝහ විශේෂය, තඹ, එනම්,
පු. එනම් ඇත්කුලය. (පි. 304)
තම්බක
පු. තම්පලා. (පි. 304)
තම්බවුල
පු. නඹසිළු, කුකුළා. (පි. 304)
තමාල
පු. තමලුගස. (පි. 304)
තමී
ඉ. රාත්රිය. (පි. 304)
තමුස්සන්තා
ඉ. අන්ධකාර බහුල රාත්රිය. (පි. 304)
තයි
ඉ. වෙදත්රය, ඍක් යජුස්, සාම යන වේද තුණ. (පි. 304)
තර
√ භු. තරණප්ලවනෙසු, එතෙරවීමෙහි, පීනීමෙහි, තරති, එතරකරයි, පීනයි.
√ භු. වෙගෙ, ජවයෙහි, තරති. වේගයෙන් යෙයි, තරිතො, තරගො, අතරමානො.
පු. පහුර, පසුර, ශක්තිය (පි. 304)
තරඞ්ග
පු. තරඟ, දියරැල. (පි. 304)
තරච්ඡ
පු. කරබානවලසා, සුනඛාකාර ව්යාඝ්ර විශේෂයක් කළුහිස්වලසා. (පි. 304)
තරණ
න. එතරවීම, එතරවන. එගොඩවීම. (පි. 304)
තරණී
ඉ. නැව, ජලයෙන් එතරවීමට උපකාරවන ඔරු ආදිය. (පි. 304)
තරති
ක්රි. එතෙරවෙයි, තර බලනු. (පි. 304)
තරමාන
පු. ඉක්මන්, වහා, හනික. (පි. 304)
තරමාන රූප
පු. න. යුහුසුළු ස්වභාව ඇති, ඉක්මන් ස්වභාව ඇති, ඉක්මන් ගතිය. (පි. 304)
තරල
න. කැඳ යාගුව.
ති. චඤ්චල, සැලෙන. (පි. 304)
තරහි
අ. ඒකාලයෙහි, එවිට. (පි. 304)
තරී
ඉ. නැව, තරණය කරන්නී. (පි. 304)