තර

tara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වේගය; ඉක්මන; විගස.
2. නා.ප්‍ර. ශක්තිය; බල මහිමය; පරාක්‍රමය.
3. නා.ප්‍ර. රශ්මිය; කාන්තිය; පැහැය; ශෝභාව; ප්‍රභාව.
4. නා.ප්‍ර. ගංගා ආදියේ ඉවුර; තෙර; තොටුපළ; තීර්ථය.
5. නා.ප්‍ර. ගංගා ආදියෙන් එගොඩ මෙගොඩවීම; එතෙරවීම; පරතෙරට යෑම; එගොඩ මෙගොඩ වීමට උපකාරී වන ඔරුව පහුර හෝ අත් යාත්‍රාව.
6. නා.ප්‍ර. පාර; මාර්ගය.
7. නා.ප්‍ර. ඇස්ගුළිය; ඇසිකිණිය; තාරාමණ්ඩලය.
8. නා.ප්‍ර. තාරකාව.
1. වි. උච්චස්වරයෙන් යුක්ත වූ; උස්හඬින් යුත්.
2. වි. මහතින් යුක්ත; තරබාරු; ස්ථුල.
3. වි. පරිපූරණ වූ; පිරුණු; ශක්තිමත් වූ; සවි ඇති; තද; දැඩි.
4. වි. නොසැලී පවතින්නා වූ; ස්ථාවර; කල්පවත්නා වූ; නියත.
ප්‍රත්‍ය. (ව්‍යාක.) දෙකක් අතරින් එකක වැඩිබව හඟවන තද්ධිත ප්‍රත්‍යය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. එතර කරන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. තරණප්ලවනෙසු, එතෙරවීමෙහි, පීනීමෙහි, තරති, එතරකරයි, පීනයි.
√ භු. වෙගෙ, ජවයෙහි, තරති. වේගයෙන් යෙයි, තරිතො, තරගො, අතරමානො.
පු. පහුර, පසුර, ශක්තිය (පි. 304)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brightness
2. n. energy
3. a. fat
4. a. plump
5. n. ray
6. n. safety
7. a. thick

Digital Pāḷi Dictionary