සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 483
තන්තු
පු. හුය, නූල. (පි. 303)
තන්තුභ
පු. (පි. 303)
තන්දි
ති. නිද්‍රාව, ප්‍රමාදය, මැලිය, තෙමරිය. (පි. 303)
තන්නවාය
පු. පිළිවියන්නා, පෙසකාරයා, පෙහරා. (පි. 303)
තන්නින්න
ති. ඊට නැමුණු, ඊට අවනත. (පි. 303)
තනු
√ ත. විත්ථාරෙ, පැතිරීමෙහි, තනොති, පතුරුවයි.
ති. අල්පාර්ථ, තුනී, සිහින්, හීන්දෑරි.
ඉ. ධර්ම, සම, සරීරය. (පි. 303)
තනුක
ති. තුනී, නොපටු. (පි. 303)
තනුකත
පු. තුනීකළ, සස්නාලද. (පි. 303)
තනුජ
පු. පුත්‍රයා, පුතා. (පි. 303)
තනුය
පු. පුත්‍රයා, පුතා.
පු. තනුජ, පුත්‍රයා. (පි. 303)
තනුරුහ
පු. රොම, මයිල්. (පි. 303)
තනොති
ක්‍රි. පතුරුවයි, තනුබලනු. (පි. 303)
තප
√ භු. දිත්තියං තපති, තැවෙයි, දිලිසෙයි.
√ චු. ඛයෙ, ක්ෂයවීමෙහි, තපෙති, තපයති, ක්ෂයවෙයි.
√ චු. පිනනෙ, පිනවීමෙහි, තපෙති, තපයති, පිනවයි.
√ චු. දාහෙ, දාහයෙහි, තපෙති තපයති, තැවෙයි.
පු. තැවීම, වාතය, ධර්මය.
√ දි. සන්තාපපීනනෙ, තැවීමෙහි, පිනවීමෙහි, තප්පති සන්තප්පති, තැවෙයි, පිනවයි. (පි. 303)
තපති
ක්‍රි. (තප. √ දි. සන්තාපෙ, තැවීමෙහි, x ති) තැවෙයි, (පි. 304)
තපන
න. තාපය, සූර්‍ය්‍යයා, තැවීම කරන. (පි. 304)
තපනීය
න. රත්රන්, තැවීම කරන. (පි. 304)
තපස්සී
පු. තපස් ඇත්තා, අනුකම්පාකටයුතු දුක්ඛිතයා, ශුමණය, තවුසා. (පි. 304)
තප්ප
√ භු. සන්තප්පනෙ, තැවීමෙහි, තප්පති, සන්තප්පති, තැවෙයි, වියලෙයි.
√ චු. සංතප්පනෙ, සංතපෙණයෙහි, සැතැප්පවීමෙහි සන්තප්පෙති, සන්තප්පයති, සංතර්පණයකරයි, සතප්පවයි, තෘප්තියට පමුණුවයි. (පි. 303)
තප්පති
ක්‍රි. තැවෙයි, තප, තප්පබලනු. (පි. 303)
තප්පන
න. තෘප්තිය, පිනවීම. (පි. 303)
තප්පභාර
පු. ඊට අභිමුඛකය ඇති, ඊට අවනත. (පි. 303)
තප්පර
පු. තප්පර, එහි ඇලුණු. (පි. 303)
තප්පොණ
පු. ඊට නැමුණුකය ඇති, දිසාවට නැමුණු. (පි. 303)
තපු
√ භු. උබ්බෙගෙ, තලකිරීමෙහි, බියවීමෙහි. (පි. 304)