සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 482

තතො

අ. හෙත්වර්‍ථයෙහි, එහෙයින්. (පි. 303)

තතොරපං

අ. එයින් මතු, එයින් මත්තෙහි. (පි. 303)

තථ

ති. ස්වභාවය, ස්ථිර, සත්‍ය, තථා ස්වභාවය. (පි. 303)

තථතා

ඉ. තථභාවය. (පි. 303)

තථරිව

අ. උපමායෙහි, එසේ. (පි. 303)

තථා

අ. උපාමායෙහි, එසේ. (පි. 303)

තථාගත

පු. බුදුරජානන් වහන්සේ, සත්වයා. (පි. 303)

තථාරූප

ති. එබඳු, එයාකාර. (පි. 303)

තථෙව

අ. උපමායෙහි, එසේ. (පි. 303)

තදඞ්ගප්පහාන

න. තදඞ්ග විමුක්තිය. (පි. 303)

තදඞ්ගවිමුත්ති

ඉ. යම් යම් කුසලාඞ්ගයකින් යම් යම් අකුසලාඞ්ගයක් ප්‍රහීණ කෙරේ එය තදඞ්ග විමුක්තියයි. තදඞ්ගප්‍රහාණය. (පි. 303)

තදත්ථයොජනා

ඉ. (පි. 303)

තදධිමුත්ත

ති. එයින් මිදුනු, එයින් මිදේ. (පි. 303)

තදනුත්තර

න. ඒ උතුම්කොට ඇති. (පි. 303)

තදනුරූප

න. ඊට සුදුසු, ඊට ගැලපෙන, තදනුකූල. (පි. 303)

තදා

අ. ඒ කාලයෙහි, එසමයෙහි, ඒවිට. (පි. 303)

තදාත්ත

න. එකල. (පි. 303)

තදානි

අ. එකල, එසමයෙහි. (පි. 303)

තදි

√ භු. ආලසියේ, මැලවීමෙහි, තන්දති, මැලිවෙයි.
√ රු. හිංසායං, පීඩාවෙහි, තන්දති, පෙළයි. (පි. 303)

තදූපික

අ. මේවගේ. (පි. 303)

තදූපිය

අ. එවැනි. (පි. 303)

තදූපෙත

පු. එයින් යුක්ත, ඒ හා යෙදුනු. (පි. 303)

තනය

පු. පුත්‍රයා, පුතා. (පි. 303)

තන්ති

ති. වීණාව, වීණතත. (පි. 303)