බුද්ධදත්ත පාලි අකාරාදිය – 320

දසවිධ

3. දශාකර වූ.

දසසත

න. දහස (1000).

දසසතනයන

පු. ඇස් දහසක් ඇත්තා; ශක්‍රයා.

දසසහස්ස

න. ලක්ෂය.

දස්සක

3. පෙන්වන්නා.

දස්සති

දෙන්නේය.

දස්සන

න. දැකීම.

දස්සනීය

3. දැක්කයුතු; මනා පෙනුමක් ඇති.

දස්සනෙය්‍ය

3. දැක්කයුතු; මනා පෙනුමක් ඇති.

දස්සවි

පු. දකින්නා.

දස්සිත

3. දැකවූ; පෙන්වන ලද.

දස්සිය

පූ.ක්‍රි. දක්වා; පෙන්වා.

දස්සී

3. දකින්නා.

දස්සු

පු. සතුරා; සොරා.

දස්සෙත්වා

පූ.ක්‍රි. පෙන්වා.

දස්සෙති

(දිස+ණෙ) දක්වයි; පෙන්වයි.

දස්සෙතු

පු. පෙන්වන්නා.

දස්සෙතුං

නි. පෙන්වන්ට.

දස්සෙන්ත

3. දක්වන; දක්වමින්.

දසා

ඉ. අවස්ථාව; වස්ත්‍රයේ දාවල්ල; වාටිය.

දසිකසුත්ත

න. දාවල්ලේ නූලක්; රෙදි කොණේ නූලක්.

දහ

පු. විල.

දහති

(දහ+අ) දවයි; පිළිගනියි.

දහන

න. දැවීම.
පු. ගින්න.