බුද්ධදත්ත පාලි අකාරාදිය – 332

දුග්ගන්ධ

3. දුගඳැති; පු. දුගඳ.

දුග්ගම

3. යාමට අපහසු.

දුග්ගහිත

3. වරදවා අල්ලා ගත් දෙය; වැරදි සේ තේරුම් ගත් දෙය.

දුච්චජ

3. දුරු කිරීමට අපහසු.

දුච්චරිත

න. නරක හැසිරීම; වැරදි ක්‍රියාව.

දුජ්ජහ

3. අත් හැරීමට අපහසු.

දුජ්ජාන

3. දැනගැන්මට අපහසු.

දුජ්ජීවිත

න. දුෂ්ට ජීවිතය; නරක ජීවිතය.

දුජිව්හ

පු. දිව් දෙකක් ඇත්තා; සර්පයා.

දුට්ඨ

3. කෝපයට පත්; දුෂ්ට; දුෂ්ටයා; නපුරු; නපුරු මිනිසා; නරක් වූ.

දුට්ඨචිත්ත

3. දූෂිත සිතැති.

දුට්ඨු

නි. නපුරු සේ; නො මනා සේ.

දුට්ඨුල්ල

න. කාමුක වචනය; නො මනා වචනය.

දුතප්පය

3. තෘප්තියට පැමිණවීමට අපහසු.

දුත්තර

3. එතර වීමට අපහසු.

දුතිය

3. දෙවෙනි.

දුතියක

3. දෙවෙනි කොට ඇති; දෙවෙනියෙකු ඇති; පු. මිත්‍රයා.

දුතියා

ඉ. දෙවෙනි තිථිය; දෙවෙනි විභක්තිය; භාර්යාව.

දුතියිකා

ඉ. භාර්යාව.

දුද්දම

3. හික්මවීමට අපහසු.

දුද්දස

3. දැකීමට හෝ අවබෝධයට අපහසු.

දුද්දසතර

3. දැකීමට වඩා අපහසු වූ.

දුද්දසා

ඉ. නපුරු අවස්ථාව‍; නපුරු කාලය.

දුද්දසාපන්න

3. නපුරු අවස්ථාවට පැමිණි.