බුද්ධදත්ත පාලි අකාරාදිය – 363

නිග්‍රොධ

පු. නුග ගස.

නිග්‍රොධපක්ක

න. ඉදුණු නුග ගෙඩිය.

නිග්‍රොධපරිමණ්ඩල

3. උසට ගැළපෙන මහත ඇති; දණ දක්වා වැටෙන අත් ඇති.

නිගූහති

(නි+ගූහ+අ) සඟවයි.

නිගූහන

න. සැඟවීම.

නිගූහිත

3. සඟවන ලද.

නිගූහිත්වා

පූ.ක්‍රි. සඟවා.

නිගූහිතුං

නි. සඟවන්ට.

නිගූළ්හ

3. සැඟවූ.

නිඝංස

පු. ඉළීම; උරච්චි කිරීම.

නිඝංසති

(නි+ඝංස) උරච්චි කරයි; එකට උළයි.

නිඝංසන

න. එකට ඉළීම.

නිඝංසිත්වා

පූ.ක්‍රි. උරච්චි කොට; උළා.

නිඝණ්ඩු

පු. ශබ්ද කෝශය.

නිඝාත

පු. නැසීම; මැඩලීම.

නිචය

පු. රාශිය; රැස් කිරීම.

නිච්ච

3. නිත්‍ය වූ; වෙනස් නොවන; සැමදා පවත්නා.

නිච්චං

ක්‍රි.වි. නිතර.

නිච්චකාලං

ක්‍රි.වි. හැමදා.

නිච්චතා

ඉ. නිත්‍ය බව; වෙනස් නොවීම.

නිච්චදාන

න. හැමදා නියම වශයෙන් දීම.

නිච්චභත්ත

න. හැමදා දෙන ආහාරය.

නිච්චම්ම

3. සම ඉවත් කරනු ලැබූ; සමනැති.

නිච්චල

3. නොසෙල් වෙන.

නිච්චසීල

න. හැමදා රැක්ක හැකි ශීලය.