බුද්ධදත්ත පාලි අකාරාදිය – 364

නිච්චොල

3. වස්ත්‍ර නැති.

නිච්ඡය

පු. තීන්දුව; තීරණය; විනිශ්චය.

නිච්ඡරණ

න. නික්මීම; පිට වීම.

නිච්ඡරති

(නි+චර+අ) නික්මේ; පිට වේ.

නිච්ඡාත

3. තෘෂ්ණා නැති; සාගිනි නැති.

නිච්ඡාරෙති

(නි+චර+ණෙ) නික්මවයි; පිට කරයි.

නිච්ඡිත

3. තීරණය කළ; නිශ්චයට පැමිණ වූ.

නිච්ඡිනාති

(නි+ඡි+නා) නිශ්චය කෙරේ; විනිශ්චය කෙරේ.

නිචිත

3. රැස් කළ.

නිචුල

පු. මිදෙල්ල ගස.

නිජ

3. තමා අයත්; ස්වකීය.

නිජ්ජට

3. පැටලිලි හෝ අවුල් නැති.

නිජ්ජර

3. දිරීම් නැති; පු. දෙවියා.

නිජ්ජරෙති

(නි+ජර+ණෙ) විනාශ කරයි.

නිජ්ජිව්හ

පු. වලිකුකුළා.

නිජ්ජීරණ

3. විනාශ කළ.

නිජ්ජීව

3. ප්‍රාණය නැති.

නිජ්ඣත්ති

ඉ. වැටහීම.

නිජ්ඣාන

න. අවබෝධය; වැටහීම.

නිජ්ඣායති

(නි+ඣා+ය) නැවත නැවත සිතා බලයි; මෙනෙහි කරයි.

නිජ්ඣායන

න. පසුතැවිල්ල.

නිට්ඨා

ඉ. අවසන් කිරීම; අවසානය; සම්පූර්ණ වීම.

නිට්ඨාති

(නි+ඨ‍ා+අ) අවසන් වේ; නිම වේ.

නිට්ඨාන

න. අවසන් වීම.