බුද්ධදත්ත පාලි අකාරාදිය – 366
නිදස්සිත
3. දක්වන ලද; නිදර්ශනය කළ.
නිදස්සිය
පූ.ක්රි. නිදර්ශනය කොට.
නිදස්සෙත්වා
පූ.ක්රි. නිදර්ශනය කොට.
නිදස්සෙති
(නි+දිස+ණෙ) නිදර්ශනය කරයි; පෙන්වයි.
නිදහති
(නි+දහ+අ) තැන්පත් කොට තබයි; නිදන් කරයි.
නිදහිත
3. නිදන් කළ.
නිදහිතබ්බ
3. තැන්පත් කළ යුතු; නිදන් කළ යුතු.
නිදහිත්වා
පූ.ක්රි. නිදන් කොට.
නිදහිතුං
නි. නිදන් කරන්ට.
නිද්දය
3. කරුණා නැති.
නිද්දර
3. කෙලෙස් තැවීම් නැති; දාහ නැති.
නිද්දා
ඉ. නිදීම; නින්ද.
නිද්දාන
න. කැපීම (ගොයම් ආදිය).
නිද්දායති
න. ා නිදයි; නිදා ගනී.
නිද්දායන
න. නිදීම.
නිද්දායිත්වා
පූ.ක්රි. නිදා.
නිද්දායිතු
පු. නිදන්නා.
නිද්දාරාමතා
ඉ. නිදීමේ ආශාව.
නිද්දාලු
3. නිදීම බහුල කොට ඇති.
නිද්දාසීල
3. නිදීම බහුල කොට ඇති.
නිද්දිට්ඨ
3. පෙන්වන ලද; විස්තර කළ.
නිද්දිසති
(නි+දිස+අ) පෙන්වයි; විස්තර කරයි.
නිද්දිසිතබ්බ
3. පෙන්විය යුතු; විස්තර කළ.
නිද්දිසිත්වා
පූ.ක්රි. පෙන්වා; විස්තර කොට.