බුද්ධදත්ත පාලි අකාරාදිය – 372
නිබ්බාන
න. නිවන; නිවීම; සැනසීම.
නිබ්බානගමන
න. නිවනට යාම.
නිබ්බානධාතු
ඉ. කෙලෙස් නැති තත්වය; නිර්වාණය.
නිබ්බානප්පත්ති
ඉ. නිවනට පැමිණීම.
නිබ්බානසච්ඡිකිරියා
ඉ. නිවන අවබෝධ කිරීම.
නිබ්බානසම්පත්ති
ඉ. නිවන් සම්පත.
නිබ්බානාභිරත
3. නිවනෙහි ඇලුණු.
නිබ්බාපන
න. නිවීම; සිහිල් කිරීම.
නිබ්බාපිත
3. නිවන ලද; නිවූ.
නිබ්බාපෙති
(නි+වා+ණ පෙ) නිවයි; සනසයි; සිසිල් කරයි.
නිබ්බාය
පූ.ක්රි. නිවී; සන්හුන් වී.
නිබ්බායති
(නි+වා+ය) නිවේ; නො පැවැත්මට යේ; සිසිල් වේ.
නිබ්බායිත්වා
පූ.ක්රි. නිවී; සන්හුන් වී.
නිබ්බායිතුං
නි. නිවෙන්ට; පිරිනිවන්පාන්ට.
නිබ්බාහන
න. ඉවත් කිරීම.
නිබ්බිකාර
3. වෙනස් වීමක් නැති.
නිබ්බිචිකිච්ඡ
3. සැක නැති.
නිබ්බිජ්ජ
පූ.ක්රි. කලකිරී.
නිබ්බිජ්ජති
(නි+විජි+ය) කලකිරේ.
නිබ්බිජ්ජිත්වා
පූ.ක්රි. කලකිරී.
නිබ්බිජ්ඣති
(නි+විධ+ය) පසාකරගෙන යේ; විනිවිද යේ.
නිබ්බිද්ධ
3. කැඩී ගිය; විනිවිද ගිය; හිල් වී ගිය.
නිබ්බිදා
ඉ. කලකිරීම; සංවේගය.
නිබ්බින්දති
(නි+විද+අ) කලකිරේ; සංවේගයට පැමිණේ.