බුද්ධදත්ත පාලි අකාරාදිය – 389
පකාර
පු. ආකාරය; පිළිවෙළ.
පකාස
පු. ප්රකාශ කිරීම; බැබළීම.
පකාසක
3. ප්රකාශ කරන්නා.
පකාසති
(ප+කාසු+අ) ප්රකට වේ; බබළයි.
පකාසන
න. ප්රකට කිරීම; ප්රකාශ කිරීම; බැබළීම.
පකාසිත
3. දේශනා කළ; ප්රකාශ කළ.
පකාසිය
පූ.ක්රි. ප්රකාශ කොට.
පකාසෙත්වා
පූ.ක්රි. ප්රකාශ කොට.
පකාසෙති
(ප+කාස+ණෙ) ප්රකාශ කරයි.
පකාසෙතුං
නි. ප්රකාශ කරන්නට.
පකිණ්ණක
3. තැන තැන විසිරී ගිය.
පකිත්තෙත්වා
පූ.ක්රි. වර්ණනා කොට.
පකිත්තෙති
(ප+කිත්ත+ණෙ) ප්රකාශ කරයි.
(ප+කිත්ත+ණෙ) වර්ණනා කරයි.
පකිරති
(ප+කිර+අ) විසුරුවයි.
පකුපබ්බති
(ප+කර+ම¦ කුබ්බ ආදේශ කරයි) කරයි.
පකුප්පති
(ප+කුප+ය) කිපේ.
පකුබ්බමාන
3. කරන; කරමින්.
පකොප
පු. කලබල වීම; කෝපය.
පකොපන
න. ප්රකෝප කරවීම.
3. චඤ්චල කරවන.
පග්ගණ්හාති
(ප+ගහ+ණ්හා) ආධාර කරයි; ඔසවයි; දැඩි උත්සාහ කරයි; දිගු කරයි.
පග්ගය්හ
පූ.ක්රි. උස් කොට; ඔසවා ගෙන.
පග්ගහ
පු. උත්සාහය; උපකාරය; එසවීම.
පග්ගහණ
න. උත්සාහ කිරීම; එසවීම; ඔසවා ගැන්ම.
පග්ගහිත
3. එසවූ .