බුද්ධදත්ත පාලි අකාරාදිය – 396
පජාපති
ඉ. භාර්යාව; පු. බ්රහ්මයා; මාරයා; මැවුම්කාරයා.
පජායති
(ප+ජන+ය) උපදී; හටගනී.
පජායන
න. ඉපදීම.
පඤහව්යාකරණ
න. උත්තර දීම; ප්රශ්න විසඳීම.
පඤහවිසසජ්ජන
න. උත්තර දීම; ප්රශ්න විසඳීම.
පඤ්ච
3. පස (5); පසක් වූ.
පඤ්චංගුලික
න. සඳුන් කල්කාදියෙහි අත ඔබා ඇඟිලි පසේ ලකුණු සිටින සේ යම් කිසිවක තැබීම.
පඤ්චක තන
පසේ සමූහය.
පඤ්චකල්යාණ
න. (දික් හිසකෙස්, සුදුදත්, මනා පැහැය, ඇඟමස් මනාසේ පිහිටීම, තරුණවයස යන) කල්යාණ පස.
පඤ්චක්ඛත්තුං
නි. පස් වරක්.
පඤ්චක්ඛන්ධ
පු. රූප-වේදනා-සඤ්ඤා-සංඛාර-විඤ්ඤාණ යන ස්කන්ධ පස.
පඤ්චකාමගුණ
පු. ඇස-කන-නාසය-දිව-ශරීරය යන පස් දොරින් විඳින ලෞකික සැප.
පඤ්චගොරස
පු. කිරි-දීකිරි-ගිතෙල්-වෙඬරු-මොරු යන පස් ගෝරසය.
පඤ්චඞ්ග
3. කොටස් හෝ අවයව පසක් ඇති.
පඤ්චඞ්ගික
3. කොටස් හෝ අවයව පසක් ඇති.
පඤ්චචක්ඛු
පු. මසැස-දිවැස-පැණැස-බුදු ඇස-සමතැස යන ඇස් බසක් ඇති බුදුරද.
පඤ්චචත්තාළීයති
ඉ. හතළිස්පස.
පඤ්චචූළක
3. හිසේ බැඳි කොණ්ඩා පසක් ඇති.
පඤ්චතිංසති
ඉ. තිස් පහ.
පඤ්චදස
3. පසළොස.
පඤ්චධා
නි. පස් ආකාරයකින්.
පඤ්චනවුති
ඉ. අනූපහ.
පඤ්චනිකාය
පු. දීඝ-මජ්ඣිම-සංයුත්ත-අංගුත්තර-ඛුද්දක යන සූත්ර කොටස් පස.
පඤ්චනීවරණ
න. කාමච්ඡන්ද-ව්යාපාද-ථීනමිද්ධ-උද්ධච්චකුක්කුච්ච-විචිකිජ්ඡා යන සිතේ දියුණුවට බාධක කරුණු පස.