බුද්ධදත්ත පාලි අකාරාදිය – 398

පඤ්ජර

පු. න. පක්ෂීන් හෝ සිවුපාවන් දමන කූඩුව; මැදිරිය.

පඤ්ජලි

3. අත් දෙක ඔසවා වැදගත්.

පඤ්ජලික

3. අත් දෙක ඔසවා වැදගත්.

පඤ්ඤ

පු. පණ්ඩිතයා.
නුවණැති.

පඤ්ඤත්ත

3. නියමිත; පණවන ලද; ප්‍රකාශයට පැමිණ වූ; පැණවූ; පිළියෙළ කළ.

පඤ්ඤත්ති

ඉ. නාමය; නියමය; ප්‍රඥප්තිය; පැණවීම; බලනු; ව්‍යවහාරය; ශික්ෂා පදය.

පඤ්ඤතා

ඉ. ප්‍රඥා ඇති බව.

පඤ්ඤා

ඉ. නුවණ; ප්‍රඥාව.

පඤ්ඤාක්ඛන්ධ

පු. ප්‍රඥා සමූහය.

පඤ්ඤාණ

න. ප්‍රකට වීම; ලකුණ; සලකුණ.

පඤ්ඤාත

3. ප්‍රකට වූ.

පඤ්ඤාධන

න. ප්‍රඥා නමැති ධනය.

පඤ්ඤාපක

3. නියම කරන්නා; පණවන්නා.

පඤ්ඤාපන

න. නියමය; පැණවීම.

පඤ්ඤාපයමාන

3. පණවමින්.

පඤ්ඤාපෙත්වා

පූ.ක්‍රි. පණවා.

පඤ්ඤාපෙති

(ප+ඤ+ණා+පෙ) නියමකරයි; පණවයි; ප්‍රකාශ කරයි.

පඤ්ඤාපෙතු

පු. නියම කරන්නා; පණවන්නා.

පඤ්ඤාපෙතුං

නි. පණවන්ට.

පඤ්ඤාපෙන්ත

3. පණවමින්.

පඤ්ඤාබල

න. ප්‍රඥා නමැති බලය.

පඤ්ඤායති

(ප+ඤා+ය) ප්‍රකට වේ; පැහැදිලි වේ; පෙනේ.

පඤ්ඤායමාන

3. ප්‍රකට වෙමින්; පෙනෙමින්.

පඤ්ඤායිත්වා

පූ.ක්‍රි. ප්‍රකට වී; පෙනී.