බුද්ධදත්ත පාලි අකාරාදිය – 403

පටිඤ්ඤාත

3. පොරොන්දු වූ; ව්‍යවහාරයට පත්.

පටිදණ්ඩ

පු. වන්දි ගෙවීම; වන්දිය.

පටිදස්සෙති

(පටි+දිස+ණෙ) දක්වයි; පෙන්වයි.

පටිද්දාති

(පටි+ආ) ආපසු දෙයි.

පටිදාන

න. තෑග්ග; තෑග්ගට තෑග්ග.

පටිදෙසෙති

(පටි+දිස+ණෙ) තමාගේ වරද ප්‍රකාශ කරයි.

පටිධාවති

(පටි+ධාවු+අ) යමක් කරා දුවයි.

පටිනන්දති

(පටි+නන්ද+අ) සතුටු වේ; සතුටෙන් පිළිගනී.

පටිනන්දිත

3. සතුටු වූ; සතුටෙන් පළිගත්.

පටිනාසිකා

ඉ. බොරුනහය.

පටිනිවතතිත්වා

පූ.ක්‍රි. ආපසු හැරී.

පටිනිවත්ත

3. ආපසු පැමිණි; හැරී ආ.

පටිනිවත්තති

(පටි+නි+වතු+අ) ආපසු හැරෙයි; නැවත හැරෙයි.

පටිනිස්සග්ග

පු. අත් හැරීම; දුරු කිරීම.

පටිනිස්සජ්ජති

(පටි+නි+සජ+ය) දුරු කෙරේ.

පටිනිස්සජ්ජිත

3. අත්හැර දැමූ; දුරුකළ.

පටිනිස්සට්ඨ

3. අත්හැර දැමූ; දුරු කළ.

පටිනෙති

(පටි+නි+අ) ආපසු ගෙනයයි.

පටිපක්ඛ

3. විරුද්ධ වූ; පු. විරුද්ධ කාරයා; සතුරා.

පටිපක්ඛික

3. විරුද්ධ පාර්ශවයෙහි වූ; විරුද්ධ වූ.

පටිපජ්ජති

(පටි+පද+ය) අනුව යයි; පළිපදී; මගට බසී.

පටිපජ්ජන

න. අනුවයාම; පිළිපැදීම.

පටිපජ්ජිතබ්බ

3. පිළිපැදිය යුතු.

පටිපජ්ජිත්වා

පූ.ක්‍රි. පිළිපැද; මගට බැස.