බුද්ධදත්ත පාලි අකාරාදිය – 402

පටිච්ඡති

(පටි+ඉසු+අ) පිළිගනියි; බාරගනියි.

පටිච්ඡන්න

3. ප්‍රකට නොවූ; වැසුණු; සැඟවුණු.

පටිච්ඡාදක

3. වසන්නා; සඟවන්නා.

පටිච්ඡාදන

න. වැසීම; සැඟවීම.

පටිච්ඡාදනිය

න. මාංශ රසය; මාංශ සාරය.

පටිච්ඡාදි

3. වසන්නා; වැසීම පිණිස ගනුලබන දෙය.

පටිච්ඡාදිත

3. වැසූ; සඟවන ලද.

පටිච්ඡාදිය

පූ.ක්‍රි. වසා; සඟවා.

පටිච්ඡාදෙත්වා

පූ.ක්‍රි. වසා; සඟවා.

පටිච්ඡාදෙති

(පටි+ඡද+ණෙ) වසයි; සඟවයි.

පටිච්ඡිත

3. පිළිගත්; බාර ගත්.

පටිච්ඡිත්වා

පූ.ක්‍රි. පිළිගෙන.

පටිචොදෙති

(පටි+චුද+ණෙ) ආපසු චෝදනා කරයි; දොස් නගයි.

පටිජග්ගක

3. පිළිදැගුම් කරන්නා; පෝෂණය කරන්නා.

පටිජග්ගත්වා

පූ.ක්‍රි. පෝෂණය හෝ සංස්කරණය කොට.

පටිජග්ගති

(පටි+ජග්ග+අ) ආරක්ෂා කෙරේ; පෝෂණය කෙරේ; සංස්කරණය කෙරේ.

පටිජග්ගන

න. පෝෂණය; රැකීම; සංස්කරණය.

පටිජග්ගනක

3. පෝෂණය හෝ සංස්කරනය කරන.

පටිජග්ගාපෙති

පෝෂණය හෝ සංස්කරණය කරවයි.

පටිජග්ගිත

3. පෝෂණය හෝ සංස්කරණය කළ.

පටිජග්ගිය

පූ.ක්‍රි. පෝෂණය හෝ සංස්කරණය කොට.
3. පෝෂණය කළ යුතු.

පටිජානාති

(පටි+ඤා+නා) එකඟ වේ; එසේයයි පිළි ගනී; ඔව්ය කියයි.

පටිඤ්ඤ

3. ව්‍යවහාරය ඇති.

පටිඤ්ඤා

ඉ. ප්‍රතිඥාව; පොරොන්දුව.