බුද්ධදත්ත පාලි අකාරාදිය – 401

පටිකුජ්ජිත්වා

පූ.ක්‍රි. යටි අතට හරවා වසා.

පටිකුජ්ඣති

(පටි+කුධ+ය) කිපුණහුට කිපේ; කිපේ.

පටිකුට්ඨ

3. ආක්‍රෝශ ලැබූ; නින්දා ලැබූ.

පටිගච්ච

නි. කල්ඇතිව; කලින්.

පටිග්ගණ්හන

න. පිළිගැන්ම; බාර ගැන්ම.

පටිග්ගණ්හනක

3. දැරීමට හෝ ගැනීමට සමර්ථ; වත් කරන ජලය ආදිය දරන.

පටිග්ගණ්හාති

(පටි+ගහ+ණ්හා) පිළිගනී; බාර ගනී.

පටිග්ගහ

පු. පඩික්කම හෝ එවැනි භාජනය; පිළිගැන්ම.

පටිග්ගහණ

න. පිළිගැන්ම; බාර ගැනීම.

පටිග්ගහාක

3. පිළිගන්නා පුද්ගලයා.

පටිග්ගහිත

3. පිළිගත්.

පටිග්ගහෙත්වා

පූ.ක්‍රි. පළිගෙන.

පටිග්ගහෙතු

පු. පිළිගන්නා.

පටිග්ගාහ

පු. පිළිගැන්ම.

පටිගිජ්ඣ

3. ඉතා ගිජු වූ; ඉතා ලොල් වූ.

පටිගිද්ධ

3. ඉතා ගිජු වූ; ඉතා ලොල් වූ.

පටිගූහති

(පටි+ගූහ+අ) සඟවයි.

පටිඝ

පු. කෝපය; ගැටීම; ‍හැපීම.

පටිඝාත

පු. හැපීම.

පටිඝොස

පු. දෝංකාරය; ප්‍රතිරාවය.

පටිචරති

(පටි+චර+අ) අසු නොවී කථාකරයි; ඉක්මවායයි; හැසිරේ.

පටිච්ච

නි. ආශ්‍රය කොට; නිසා; හේතුකොට.

පටිච්චසමුප්පන්න

3. හේතුවකින් උපන් හෝ හටගත්.

පටිච්චසමුප්පාද

පු. හේතුවකින් ඵලයක් ඇතිවන සැටි උගන්වන ධර්මය.