බුද්ධදත්ත පාලි අකාරාදිය – 400

පටිකඞ්ඛති

(පටි+කඛි+ංඅ) කැමැති වේ; බලාපොරොත්තුවේ.

පටිකණ්ටක

3. විරුද්ධ වූ.

පටිකත

3. ප්‍රතිකර්මකළ; සංස්කරණයකළ.

පටිකම්ම

න. ප්‍රතිකර්මය; සංස්කරණය.

පටිකර

3. ප්‍රතිකර්ම කරන; පිළිපදින.

පටිකරොති

(ප+කර+ඔ) ප්‍රතිකාර කරයි; සංස්කරණය කරයි.

පටිකස්සති

(පටි+කස්ස+අ) ආපසු අදියි; ඉවත් කරයි.

පටික්කන්ත

3. ඉවත් වූ; ඉවත්වගිය.
න. පස්සට යාම.

පටික්කම

පු. ඉවත් වීම; පස්සට යාම.

පටික්කමති

(පටි+කමු+අ) ඉවත් වේ; පස්සට යේ.

පටික්කමන

න. ඉවත් වීම; පස්සට යාම.

පටික්කම්ම

පූ.ක්‍රි. ඉවත් වීම.

පටික්කමිත්වා

පූ.ක්‍රි. ඉවත් වීම.

පටික්කූල

න. පිළිකුල් දෙය.
3. අප්‍රිය වූ; පළිකුල් වූ.

පටික්කූලසඤ්ඤා

ඉ. පිළිකුල් යයි හැඟීම.

පටික්කොසති

(පටි+කුස+අ) ආක්‍රෝශ කරයි; ප්‍රතික්ෂේප කරයි; විරුද්ධව කථා කරයි.

පටික්ඛිත්ත

3. අත්හැර දැමූ; ප්‍රතික‍්ෂේප කළ.

පටික්ඛිපති

(පටි+ඛිප+අ) අත්හැර දමයි; නැත හෝ බැරිය කියයි; ප්‍රතික්ෂේප කරයි.

පටික්ඛිපිත්වා

පූ.ක්‍රි. ප්‍රතික්ෂේප කොට.

පටික්ඛෙප

පු. එපාය කීම; නැත කීම; බැරිය කීම.

පටිකාර

පු. ප්‍රතිකාරය; වන්දි ගෙවීම.

පටිකුජ්ජති

(පටි+කුජ්ජ+ණෙ) මූනින් හරවයි; යටිකුරු කරයි.

පටිකුජ්ජන

න. යටි කුරු කිරීම; වැස්ම.

පටිකුජ්ජිත

3. යටිකුරු කළ.